වරාය නගරයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලූ නිරාකරණය කර ගැනීම සඳහා නව රජය හා ඉතා සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව ව්‍යාපෘතිය භාරව කටයුතු කරනා චයිනා කොමියුනිකේෂන්ස්,කන්ස්ට‍්‍රක්ෂන් කම්පනි ලිමිටඞ් (සිසීසීසී) පවසයි.

ව්‍යාපෘතිය සම්බන්ධ වාර්තා රජය වෙත ලබාදීමටත්,මේ දක්වා සිදුව ඇති කටයුතු විමර්ෂණය කිරීමට පූර්ණ සහය රජය වෙත දැක්වීමටත් කැමැත්තෙන් සිටින බව එම සමාගම කියයි.

සීසීසීසී සමාගම ලෝකයේ ඉදිකිරීම් සමාගම් අතර ඉහළ ස්ථානයක්ද හිමිකරගෙන සිටින්නක්ද වේ.

වරාය නගරය ඉදිකිරීම ශී‍්‍ර ලංකාවට අලූත් දෙයක් නොවන අතර එවැන්නක් සදහා මුල්ම යෝජනාව ඉදිරිපත්වූයේ 1998 වසරේදීය.එවක ව්‍යාපෘතිය සම්බන්ධ කටයුතු සිදුවූයේ සිංගප්පූරු සමාගමක් වන සෙස්නා යටතේ වන අතර 2004 වසරේදී අවසාන සැළසුම ඉදිරිපත් විය.නමුත් දැරිය යුතු වන අධික වියදම නිසාත්,වරාය නගරයට අනිවාර්යයෙන්ම අවශ්‍යවූ නව දිය කඩනයක් ඉදිකර නොතිබීම නිසාත් එය ලිපි ගොනුවකට පමණක් සීමාවුනි.

වාර්තා වන ආකාරයට මෙවර වරාය නගරය ඉදිකිරීමේ සැළසුම් කටයුතු ආරම්භවී ඇත්තේ 2010 වසරේදීය.ව්‍යාපෘතියෙන් පරිසරයට සිදුවිය හැකි බලපෑම,තාක්ෂණික කරුණු ආදිය වරාය අධිකාරියේ අධීක්ෂණය යටතේ විමර්ෂණ කර තිබෙන්නේ මොරටුව විශ්වවිද්‍යාලයයි.ව්‍යාපෘතියෙන් සිදුවිය හැකි පාරිසරික බලපෑම පිළිඹද වාර්තාව ප‍්‍රසිද්ධ කෙරුණු අතර එයට ජනතාවගෙන් ලැබුණු අදහස් දැක්වීම්ද ඇතුළත් කර පසුව සම්මත කර ගැනුනි.

මෙයට අමතරව සිීසීසීසී සමාගම ඔවුන්ගේම යැයි පරිසර කළමණාකරණ සැළැස්මක්ද ඉදිරිපත් කර තිබී ඇත.විමර්ෂණයකින් පසු එයටද අනුමැතිය හිමිව තිබේ.

ව්‍යාපෘතියේ පෙර සූදානම් වීමේ කටයුතු වලට පමණක් ගතව තිබෙන කාලය වසර 4 කි.

හෙක්ටයාර 233 ක වපසරියක විහිදෙන වරාය නගරය ශී‍්‍රලංකාවේ කි‍්‍රයාත්මකව පවතින විශාලම පෞද්ගලික සංවර්ධන ව්‍යාපෘතියයි.එයින් විවිධ ක්ෂේත‍්‍ර වලට අයත් රැකියා 83000 ක් පමණ උපදිනු ඇතැයි අපේක්ෂිතය.ඉදිකිරීම් අවසාන වූ පසු වරාය නගරයේ ආයෝජන කටයුතු සදහා දෙස් විදෙස් ආයෝජකයින්ට අවස්ථාව ලබාදීමටද සැළසුම් කර කර තිබේ.