පිලිපීනයේ මැනිලා නුවර පැවැත්වෙන ආසියා ශාන්තිකර ආර්ථික සහයෝගීතා සමුළුවට විරෝධය පළ කිරීමට පැමිණ සිටි විරෝධතාකරුවන් විසිරුවා හැරීමට මැනිලා නුවර පොලිසිය අපූරු උපක‍්‍රමයක් යොදාගත්තේය.
බටහිර ගායක ගායිකාවන්ගේ ප‍්‍රකට ගීත කිහිපයක් තෝරාගත් ඔවුහු ඒවා ශබ්ද විකාශන යන්ත‍්‍ර භාවිතයෙන් මහා හඬින් වාදනය වීමට සැළැස්වූහ.
විරෝධතාකරුවන්ගේ සටන් පාඨ හඬ එයින් යටපත්ව ගිය අතර තවත් විරෝධය පළ කිරීමෙන් පලක් නොවන බව දැන ඔවුහු විසිර ගියහ.
පසු අවස්ථාවක මාධ්‍යයට අදහස් දක්වා තිබූ මෙම විරෝධතාව සංවිධානය කළ වාමාංශික දේශපාලන නායකයින්,ජනතාවගේ හඬ යටපත් කිරීමට පොලිසිය ඉතාම පහත් පෙළේ කි‍්‍රයාමාර්ගයක් අනුගමනය කළ බව කියා තිබිණ.
මෙම චෝදනා වලට පිළිතුරු දෙමින් මැනිලා නුවර පොලිස් ප‍්‍රධානීන් සදහන් කර තිබුණේ විරෝධතා මැඩපැවැත්වීමට හැකිතාක් දුරට අවම බලය යෙදවීමට තම නිලධරයින් අනුගමනය කරන ප‍්‍රතිප්තිතය අනුව කටයුතු කළ බවයි.එසේ නොමැතිව ජනතාවගේ හඩ යටපත් කිරීමට හෝ ඔවුන්ට අගෞරවයක් ගෙන දීමට පොලිසියට කිසිඳු වුවමනාවක් නොතිබූ බවද ඔවුන් අවධාරණය කර ඇත.
මෙම සමුළුවට ඇමරිකා ජනපති බරක් ඔබාමාද සහභාගීවී සිටීයි.
වාමාංශික දේශපාලඥයින් චෝදනා කරන්නේ පිලිපීනයේ වත්මන පාලක බෙනිග්නෝ ඇකුයිනෝ බටහිර රටවල ගැත්තෙකු සේ කටයුතු කරමින් එම රටවල කි‍්‍රයාත්මක වන ආර්ථික වැඩපිළිවෙත් පිලිපීනයටද හඳුන්වාදීමට යන බවයි.
ගෝලීයකරණයේ වාසි අත්විදීමේ ගැටලූවක් නොමැති වුවත් පිලිපීනයේ වර්තමාන තත්ත්වය සැළකීමේදී බටහිර රටවල කි‍්‍රයාත්මක වනවා හා සමානව මහා පරිමාන සමාගම් වලට පිලිපීනයේ නිශ්පාදන හා සේවා කටයුතු භාර දුනහොත් සාමාන්‍ය ජනතාවට යනඑන මං නැතිවනු ඇති බවට ඔවුන් අනතුරු අඟවයි.
2025 නොවැම්බර් මස 04
511
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2247
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1680
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විරෝධය යට යවන්න පොලිසියෙන් සිංදු
සුනිල් ගිකියනගේ Saturday, 21 November 2015 06:38 PM
මට හිතෙන්නේ මැනිලා පොලිසිය තමන්ගේ ක්‍රියාව සාධාරණීකරනය කිරීමට හොඳ තර්කයක් ඉදිරිපත්කොට ඇති බවයි (නි)
පිටබැද්දර ජයා Sunday, 22 November 2015 12:03 AM
කුළු පොලු අතේ තියාගෙන ලස්සනට ඉන්න පොලීසිය දැක්කහම මට මතක්වුණේම සරසවි කොල්ලන්ට කෙල්ලන්ට උඩ පැන පැන ගහපු අපේ පොලීසිය (නි)
සමන්ති Friday, 20 November 2015 10:22 PM
පිලිපීනයේ මැනිලා නුවර පොලිසිය ලංකාවේ පුද්ගලික බස් කොන්දොස්තරවරයෙකුගෙන් බස් රථවල යොදන සංගීතය පිළිබඳ උපදෙස් ගත්තද දන්නෙ නැහැ (නි)
විජේ Saturday, 21 November 2015 01:50 AM
නියමයි සමන්ති (නි)