පිලිපීනයේ මැනිලා නුවර පැවැත්වෙන ආසියා ශාන්තිකර ආර්ථික සහයෝගීතා සමුළුවට විරෝධය පළ කිරීමට පැමිණ සිටි විරෝධතාකරුවන් විසිරුවා හැරීමට මැනිලා නුවර පොලිසිය අපූරු උපක‍්‍රමයක් යොදාගත්තේය.

බටහිර ගායක ගායිකාවන්ගේ ප‍්‍රකට ගීත කිහිපයක් තෝරාගත් ඔවුහු ඒවා ශබ්ද විකාශන යන්ත‍්‍ර භාවිතයෙන් මහා හඬින් වාදනය වීමට සැළැස්වූහ.

විරෝධතාකරුවන්ගේ සටන් පාඨ හඬ එයින් යටපත්ව ගිය අතර තවත් විරෝධය පළ කිරීමෙන් පලක් නොවන බව දැන ඔවුහු විසිර ගියහ.

පසු අවස්ථාවක මාධ්‍යයට අදහස් දක්වා තිබූ මෙම විරෝධතාව සංවිධානය කළ වාමාංශික දේශපාලන නායකයින්,ජනතාවගේ හඬ යටපත් කිරීමට පොලිසිය ඉතාම පහත් පෙළේ කි‍්‍රයාමාර්ගයක් අනුගමනය කළ බව කියා තිබිණ.

මෙම චෝදනා වලට පිළිතුරු දෙමින් මැනිලා නුවර පොලිස් ප‍්‍රධානීන් සදහන් කර තිබුණේ විරෝධතා මැඩපැවැත්වීමට හැකිතාක් දුරට අවම බලය යෙදවීමට තම නිලධරයින් අනුගමනය කරන ප‍්‍රතිප්තිතය අනුව කටයුතු කළ බවයි.එසේ නොමැතිව ජනතාවගේ හඩ යටපත් කිරීමට හෝ ඔවුන්ට අගෞරවයක් ගෙන දීමට පොලිසියට කිසිඳු වුවමනාවක් නොතිබූ බවද ඔවුන් අවධාරණය කර ඇත.

මෙම සමුළුවට ඇමරිකා ජනපති බරක් ඔබාමාද සහභාගීවී සිටීයි.

වාමාංශික දේශපාලඥයින් චෝදනා කරන්නේ පිලිපීනයේ වත්මන පාලක බෙනිග්නෝ ඇකුයිනෝ බටහිර රටවල ගැත්තෙකු සේ කටයුතු කරමින් එම රටවල කි‍්‍රයාත්මක වන ආර්ථික වැඩපිළිවෙත් පිලිපීනයටද හඳුන්වාදීමට යන බවයි.

ගෝලීයකරණයේ වාසි අත්විදීමේ ගැටලූවක් නොමැති වුවත් පිලිපීනයේ වර්තමාන තත්ත්වය සැළකීමේදී බටහිර රටවල කි‍්‍රයාත්මක වනවා හා සමානව මහා පරිමාන සමාගම් වලට පිලිපීනයේ නිශ්පාදන හා සේවා කටයුතු භාර දුනහොත් සාමාන්‍ය ජනතාවට යනඑන මං නැතිවනු ඇති බවට ඔවුන් අනතුරු අඟවයි.

2E96AA5E00000578-3325407-image-a-59_1447942222677[1] 2E96E87B00000578-3325407-image-a-61_1447942237121[1] 2E9633D700000578-3325407-image-a-45_1447942035388[1] 2E96020100000578-3325407-image-a-55_1447942049954[1] 2E96171700000578-3325407-image-a-50_1447942035604[1]