ඇමෙරිකා එක්සත් ජනපදය නගර රැසක ක්‍රියාත්මක පිරිස් ‘කොවිඩ්-19’ පරීක්ෂණ කරගැනීම සම්බන්ධයෙන් සිතා බැලිය යුතු යැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය බලධාරීහු අනතුරු ඇඟවූහ.
තවමත් ලොව වැඩිම නව කොරෝනා ආසාදිතයන් සහ ආසාදිත මරණ ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.
විශේෂයෙන්ම වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට නොහැකි වූ නගරවල විරෝධතාවල යෙදුණු පිරිස් ‘කොවිඩ්-19’ පරීක්ෂණවලට යොමු විය යුතු යැයි ද ඔවුහු පෙන්වාදුන්හ.
‘‘සාමකාමී ලෙස විරෝධතාවල නියැළුණු පිරිස්, විරෝධතාවලට සම්බන්ධ වූ හෝ ගිය හෝ එහෙම ගිහින් ආපු අය, විශේෂයෙන්ම වයිරසය පාලනය නොකරපු ප්‍රදේශවල ‘කොවිඩ්-19’ පරීක්ෂාවක් කරගන්නවා නම් ගොඩාක් හොඳ’’ යැයි එක්සත් ජනපද කොංග්‍රසයේ කමිටුවකට අදහස් දක්වමින් ඇමෙරිකාවේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානයේ ප්‍රධානී වෛද්‍ය රොබට් රෙඩ්ෆීල්ඩ් පැවැසීය.
අල්ජසීරා
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd