IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


විරෝධතාකරුවෝ ඉරාක පාර්ලිමෙන්තුව ආක‍්‍රමණය කරති

ඉරාක කැබිනට් මණ්ඩලයට නව සාමාජිකයින් පත්කරගැනීම සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට වත්මන් කැබිනට් මණ්ඩල අමාත්‍යවරුන් නැවත වරක් අපොහොසත්වීම නිසා කෝපයට පත් ෂියා මුස්ලිම් කි‍්‍රයාධරයින් සියයකට අධික පිරිසක් ඉරාක පාර්ලිමෙන්තු ගොඩනැගිල්ල ආක‍්‍රමණය කර ඇතැයි වාර්තා වේ.

මේ හේතුවෙන් ඉරාක අගනුවර හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත්කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා වල දැක්වේ.

ඉරාක පාර්ලිමෙන්තුව හා රාජ්‍ය තාන්ති‍්‍රක ගොඩනැගිලි පිහිටා තිබෙන බැග්ඩෑඩයේ හරිත කලාපයේ තැන් තැන්හිද විරෝධතාකරුවන් රැස්ව සිටින බව එම වාර්තා වල වැඩිදුරටත් සඳහන්ය.නමුත් ගැටුම් කිසිවක්ම මේ දක්වාම වාර්තාවී නොමැත.

නව කැබිනට් මණ්ඩලයකට වගකීම් පැවරීමට ඉරාක අගමැති හයිඩර් අල් අබාඩි සැළසුම් කර තිබෙන මුත් දැනට කැබිනට් මණ්ඩලයේ සිටින ප‍්‍රබල දේශපාලන පක්ෂවල නියෝජනය කරන අමාත්‍යවරුන්ගේ අනුමැතිය ඊට  නොලැබිණ.

දැනට සිටින ඇමැතිවරුන් වෙනුවට පක්ෂ නියෝජනය නොකරන,තාක්ෂණ දැනුම අතින් උසස් පිරිසක් කැබිනට් මණ්ඩලයට පත්කර ගැනීම අගමැතිවරයාගේ වුවමනාවයි.

ගැටලූව නිරාකරණය කරගැනීමට පසුගිය සමය මුළුල්ලේම විවිධාකාරයේ සාකච්ඡා පැවැති අතර ඒ කිසිවක ප‍්‍රගතියක් දැකගත නොහැකි විය.

ඉරාක රජයේ මෙම නොහැකියාවට එරෙහිව ජනතාව විරෝධතා පවත්වන්නේද කලක සිටය.මෙම විරෝධතා වල පෙරමුණේ සිටින්නේ ෂියා මුස්ලිම් ජනතාවය.

IRAQPARPO-0430-01

 

 



අදහස් (0)

විරෝධතාකරුවෝ ඉරාක පාර්ලිමෙන්තුව ආක‍්‍රමණය කරති

ටෙනිසන් Saturday, 30 April 2016 07:24 PM

ගහ මරාගැනීම් ලොව පුරා දිනෙන් දිනම වැඩිවෙනවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 577 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2272 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1705 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site