තායිවානයේ නාවික හමුදා කදවුරක සිට වැරදීමකින් නිකුත් වූ සුපර්සොනික් මිසයිලයක් වැදී අයකු මියගොස් තිදෙනකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම මිසයිලය චීනය සහ තායිවානය අතර පිහිටි පෙන්ගු දුපත අසල සංචාරයේ යෙදුණු බෝට්ටුවක වැදී තිබෙන අතර ඉන් මිය ගොස් ඇත්තේ තායිවාන ජාතිකයෙකු වන එම බෝට්ටුවේ කපිතාන් වරයා බව සදහන් වේ.

එම මිසයිලය කිලෝමිටර 100ක පරාසයකට එල්ල කළ හැකිය. එය වැදෙන අවස්ථාවේදී   බෝට්ටුව නාවික හමුදා කදවුරේ සිට කිලෝමීටර් 75ක දුරකින්   තිබී ඇත.

මිසයිලය බෝට්ටුවේ වැදුණු නමුත් පුපුරා නොගිය අතර මුහුදට වැටි අතුරුදහන් වී තිබේ. මෙම සිදුවීම නාවික කදවුරේ සිදුවූ මානව දෝෂයක් හේතුවෙන් ඇති වූ බව සැක කරයි.  මිසයිලය නිකුත් වී තිබෙන්නේ චීනය දෙසට වීම විශේෂත්වයකි.

  මෙම ප්‍රහාරය දේශපාලනමය සිදුවීමක් ලෙස සැලකීම වැරදි බවට තායිවාන නාවුක හමුදාව ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.