ඉතාලියේ ගුවන් ගමන් පාලකවරුන්ගේ වැඩ වර්ජනයක්  හේතුවෙන් ගුවන් ගමන් වාර රාශියක් අවලංගු කර  ඇත. මේ හේතුවෙන් සංචාරක සැළසුම් බොහොමයක් අවුල් වී ඇතැයි ද ඩේලි මේල් වෙබ් අඩවිය වාරේතා කරයි.

වැඩවර්ජනය ක්‍රියාත්මක වූ මුල් පැය හතෙර් දී පමණක් ඉතාලියෙන් පිටතට යැවීමට නියමිත වූ යානා 96ක් හා එංගලන්තයේ සිට පැමිණීමට නියමිතව තිබූ යනා හතරක් අවලංගු කැර දැමීමට සිදුව ඇත.

වැඩ වර්ජනය පවත්වා ඇත්තේ එංගලන්ත වේලාවෙන් උදැසන 11.30 සිට පස්වරු 3.30 දක්වා පැවතිණි.

බ්‍රිටිස් එයාර්වේස් තම ගුවන් ගමන් කාලසටහන්හි වේලාවන් නැවත සංසෝධනයන්ට ලක්කල ඇති අතර ගුවන් ගමන් අවලංගු කරණ ලද මගින්ගේ ගමන් පහසුව සඳහා විශාල ගුවන් යානා යෙදවීමට පියවර ගෙන තිබේ.

එම ප්‍රකාශකයා තවදුරටත් පවසන්නේ ඉතාලියෙන් පිටත් වන ගුවන් යානාවන්හි සහ ඉතාලියට ලඟාවන ගුවන් ගමන් හි අළුත්ම තොරතුරු ඔවුන්ගේ වෙඩ් අඩවිය මගින් තම ගණුදෙනු කරුවන්ට ලබා දෙන බවයි.

ATC 2