IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වරිගය රැකගන්න දෙදෙනෙක් එති

එංගලන්තයේ බෙඩ්ෆර්ඩ්ෂයර් වෝබර්න් සෆාරි උද්‍යානයේ දී ලොව ඉතා දුර්ලභ බොංගෝ ඇන්ටිලොප් පැටවුන් දෙදෙනකු උපත ලබා ඇත.

නැගෙනහිර අප්‍රිකානු වනාන්තරවල පමණක් දැකිය හැකි බොංගෝ ඇන්ටිලෝප් පැටවුන් ලොව වඳවීයාමේ තර්ජනයට ලක්වූ සත්ත්ව විශේෂයකි. පරිසරවේදීන් පවසන්නේ දැනට ලෝකයේ ම වනාන්තරවල ස්වභාවිකව ජීවත්වන්නේ මෙවැනි සතුන් 100ක් පමණ ප්‍රමාණයක් බවයි.

යුරෝපයේ ක්‍රියාත්මකවන අන්තරාදායක සතුන් සම්බන්ධ සංරක්ෂණ වැඩසටහන යටතේ සෆාරි උද්‍යානවල මේ සතුන් බිහිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කැර ඇත. එම ව්‍යාපෘතියේ යටතේ අවුරුදු 09ක් වයසැති මිලී නම් මවට දාව මේ පැටවුන් දෙදෙනා උපතලබා ඇත.

වනෝද්‍යානවල දැනට බිහිකැර ඇත්තේ මෙවැනි සතුන් යුගල 15ක් පමණි. එයින් ජීවත්වී ඇත්තේ ද යුගල දෙකක් පමණි. ෆ්ලොරිඩාවල උපතලබා ජීවත්වන ඒ යුගල දෙකට ගැහැනු දෙදෙනකු හා පිරිමි දෙදෙනකු ඇතුළත් වෙති.

ලොව සිටින මුව විශේෂ අතරින් ඉතා අලංකාර සත්ත්වයකු ලෙස සැළකෙන බොංගෝ ඇන්ටිලොප් සංරක්ෂණ කාර්යයට අලුත උපන් මේ පැටවුන් දෙදෙනා ජීවත් කරවීම ඉතා වැදගත් බව වෝබර්න් සෆාරි උද්‍යානයේ භාරකරු කියයි. antilop (2)

 



අදහස් (0)

වරිගය රැකගන්න දෙදෙනෙක් එති

රූපවති Sunday, 31 August 2014 10:28 AM

කව්ද කියල බැලුවේ ..? සීබ්‍රාගේ මල්ලිනෙ..! (අ)

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Sunday, 31 August 2014 04:31 AM

අනේ හරිම ලස්සනයි.(අ)

:       0       0

ශාෆික් Sunday, 31 August 2014 04:48 AM

ලස්සනයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site