එංගලන්තයේ බෙඩ්ෆර්ඩ්ෂයර් වෝබර්න් සෆාරි උද්‍යානයේ දී ලොව ඉතා දුර්ලභ බොංගෝ ඇන්ටිලොප් පැටවුන් දෙදෙනකු උපත ලබා ඇත.

නැගෙනහිර අප්‍රිකානු වනාන්තරවල පමණක් දැකිය හැකි බොංගෝ ඇන්ටිලෝප් පැටවුන් ලොව වඳවීයාමේ තර්ජනයට ලක්වූ සත්ත්ව විශේෂයකි. පරිසරවේදීන් පවසන්නේ දැනට ලෝකයේ ම වනාන්තරවල ස්වභාවිකව ජීවත්වන්නේ මෙවැනි සතුන් 100ක් පමණ ප්‍රමාණයක් බවයි.

යුරෝපයේ ක්‍රියාත්මකවන අන්තරාදායක සතුන් සම්බන්ධ සංරක්ෂණ වැඩසටහන යටතේ සෆාරි උද්‍යානවල මේ සතුන් බිහිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කැර ඇත. එම ව්‍යාපෘතියේ යටතේ අවුරුදු 09ක් වයසැති මිලී නම් මවට දාව මේ පැටවුන් දෙදෙනා උපතලබා ඇත.

වනෝද්‍යානවල දැනට බිහිකැර ඇත්තේ මෙවැනි සතුන් යුගල 15ක් පමණි. එයින් ජීවත්වී ඇත්තේ ද යුගල දෙකක් පමණි. ෆ්ලොරිඩාවල උපතලබා ජීවත්වන ඒ යුගල දෙකට ගැහැනු දෙදෙනකු හා පිරිමි දෙදෙනකු ඇතුළත් වෙති.

ලොව සිටින මුව විශේෂ අතරින් ඉතා අලංකාර සත්ත්වයකු ලෙස සැළකෙන බොංගෝ ඇන්ටිලොප් සංරක්ෂණ කාර්යයට අලුත උපන් මේ පැටවුන් දෙදෙනා ජීවත් කරවීම ඉතා වැදගත් බව වෝබර්න් සෆාරි උද්‍යානයේ භාරකරු කියයි. antilop (2)