වයඹදිග සිරියාවේ වෙළඳසල් කිහිපයකට එල්ල වූ ගුවන් ප්‍රහාර හේතුවෙන් පනස් දෙනෙක් පමණ මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලදහ.

ඉඩ්ලිප් පළාතේ අල්-නුමාන් නගරයේ එළවළු වෙළඳපොළකට එල්ල වූ ප්‍රහාරයෙන් 40 දෙනෙකු ද, කෆ්ර් නුබ්ල් නගරයට එල්ල වූ ප්‍රහාරයෙන් 10 දෙනෙකුද මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාරය සිරියා  හමුදා විසින් එල්ල කර ඇති බවට සැක පල කරයි.

මේ වන විට සිරියාවේ සටන් විරාමයක් ක්‍රියාත්මක වන නමුත්   එම ගිවිසුම සිරියා  රජයෙන් මෙන්ම අයි එස් සටන්කාමීන් විසින්ද කඩ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.