වයඹ දිග සිරියාවේ ඉඞ්ලිබ් ප්‍රදේශයේ ගැටුම් උත්සන්න වීම හේතුවෙන් පසුගිය සතියක කාලයේදී 150,000කට වැඩි පිරිසක් අවතැන් වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අද (7) නිවේදනය කළේය.
සිරියානු රජයේ හමුදා සහ රුසියාව ජිහාද් සටන්කාමීන්ගේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ප්‍රදේශයේ ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වී ඇතැයි වාර්තා වේ.
කලක් අල් කයිඩා සංවිධානයේ මිත්‍ර සංවිධානයක්ව පැවැති හයත් තහ්රිර් අල් ෂාම් (එච්.ටී.එස්) සංවිධානය සිරියානු රජයේ සහ රුසියානු හමුදා එල්ල කරන ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති බවත් වාර්තා වේ. හයත් තහ්රිර් අල් ෂාම් සංවිධානය රෝහල් 12කට සහ පාසල් 10කට ද ප්‍රහාර එල්ල කර ඇතැයි වාර්තා වේ.
ජිහාද් සටන්කාමීන්ගේ බල ප්‍රදේශයක් වන ඉඞ්ලිබ් ප්‍රදේශය රුසියාවේ හමුදාවල දැවැන්ත ප්‍රහාර හමුවේ වුවද ආරක්ෂා කරගැනීමට ඔවුහු සමත්වූහ. රුසියානු හමුදාවලට අමතරව, සිරියානු රජයේ හමුදා සහ තුර්කියේ සහාය හිමි කැරැලිකරුවෝ ද ජිහාද්වාදීන්ට එරෙහිව ප්‍රහාර එල්ල කරති.
කෙසේ නමුත් හයත් තහ්රිර් අල් ෂාම් සංවිධානය පසුගිය ජනවාරි මාසයේදී ඉඞ්ලිබ් ප්‍රදේශයේ සම්පූර්ණ බලය අල්ලා ගැනීමත් සමඟ එම ප්‍රදේශයේ සිටින මිලියන තුනක් පමණ සිවිල් වැසියන් දැඩි පීඩාවට පත්ව ඇතැයි වාර්තා වේ.
අඟහරුවාදා එල්ල වූ ගුවන් ප්‍රහාර සහ ෂෙල් වෙඩි ප්‍රහාරවලින් සිවිල් වැසියන් 13 දෙනකු ජීවිතක්ෂයට පත්වූයේ යැයි මානව හිමිකම් නිරීක්ෂණය සඳහා වූ සිරියානු සංවිධානය සඳහන් කළේය. අඛණ්ඩව ගුවන් ප්‍රහාර එල්ල වූ අටවැනි දිනය එය යැයි ද එම සංවිධානය පැවැසීය.
ඒ.එෆ්.පී ඇසුරිනි
055
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
වයඹ දිග සිරියාවේ ගැටුම්වලින් 150,000 ක් අවතැන්