බීරූට්හිදීය (ඒ.එෆ්.පී)
ජිහාද්වාදීන් සහ ඔවුන්ට සහාය දක්වන කැරැලිකරුවන්ගේ පාලනයේ පැවැති වයඹ දිග සිරියාවේ කලාත් අල් මදීක් නගරය අල්ලා ගැනීමට සිරියානු රජයේ හමුදා සමත්විය.
ජිහාද්වාදීන් සහ කැරැලිකරුවන් රුසියානු මිත්‍ර පාර්ශවයේ ගුවන් හමුදා කඳවුරට රොකට් ප්‍රහාර එල්ල කළේ ද මෙම නගරයේ සිටය.
ජිහාද්වාදීන්ගේ පාලනයේ පවතින ඉඞ්ලිබ් ප්‍රදේශයට නිරිත දෙසින් මායිම්ව තිබෙන කලාත් අල් මදීක් නගරය සිරියානු රජයේ හමුදා පාලනයට නතු වූයේ සති කිහිපයක් මුළුල්ලේ පැවැති සටන්වලින් පසුවය.
රුසියානු හමුදා, සිරියානු රජයේ හමුදා සහ ඔවුන්ට හිතවත් පාර්ශව සති කිහිපයක් මුළුල්ලේ ජිහාද්වාදීන්ගේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර සහ ෂෙල්වෙඩි ප්‍රහාර එල්ල කළේය.
දිගින් දිගටම බෝම්බ ප්‍රහාර එල්ල වීම නිසා ජිහාද්වාදීන් සහ ඉස්ලාමීය කැරැලිකරුවන් නගරය අත්හැර පලා ගියේ යැයි බි්‍රතාන්‍ය පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන මානව හිමිකම් නිරීක්ෂණය සඳහා වූ සිරියානු සංවිධානය සඳහන් කළේය.
“කලාත් අල් මදීක් නගරයේ සිට හ්මෙයිමිම් ගුවන් කඳවුරට රොකට් ප්‍රහාර එල්ල කළා” යැයි එම සංවිධානයේ ප්‍රධානී රමී අබ්දෙල් රහ්මාන් පැවැසීය. වෙරළබඩ පළාතක් වන ලටාකියාහි පිහිටි මෙම ගුවන් කඳවුරට දිගින් දිගටම රොකට් ප්‍රහාර එල්ල විය. සන්නද්ධ කණ්ඩායම් ඩ්‍රෝන යානාද යොදා ගනිමින් ප්‍රහාර එල්ල කරන බවට ද රුසියාව චෝදනා කළේය. හ්මෙයිමිම් ගුවන් තොටුපොළට සඳුඳා රොකට් ප්‍රහාර 36ක් එල්ල වී තිබේ. එම ප්‍රහාර සාර්ථකව මැඩ පැවැත්වීමට හැකි වූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.
(055)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
වයඹ දිග සිරියාවේ ‘කලාත්‘ නගරය සිරියානු රජයේ පාලනයට