IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


වියට්නාමයේ යළිත්‍ කොරෝනා පැතිරේ

'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරස ව්‍යාප්තිය ඉතාමත් හොඳින් පාලනය කර ගැනීමට සමත් වූ වියට්නාමයෙන් ද යළිත් වරක් ආසාදිතයන් වාර්තා වීමට පටන්ගෙන ඇත.

වියට්නාම වැසියන් මේ වනවිට මුහුණ දෙන්නේ දෙවැනි කොරෝනා රැල්ලට යැයි එරට සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. වියට්නාමයෙන් මේ වනවිට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් ගණන 30,478 කි. මරණ වාර්තා වන්නේ 123 ක් ලෙසිනි. වයිරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ ගණන 9,275 කි.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන අන්දමට, වියට්නාමයේ දෙවැනි කොරෝනා රැල්ලට හේතුව 'ඩෙල්ටා' ප්‍රභේදය එරට සමාජයේ ව්‍යාප්තවීමය.

වයිරස ආසාදිතයන් වැඩියෙන් වාර්තා වීමට පටන්ගෙන ඇති හෝ චී මින් නගරය සති දෙකක කාලයකට සම්පූර්ණයෙන් වසා දමා තිබේ. හෝ චින් මින් නගරයේ ජනගහනය මිලියන 9 කි.
අවුරුදු 18 වැඩි සියලු‍ දෙනා එන්නත් කිරිමට වියට්නාම රජය තීරණය කර තිබේ.

කෙසේ නමුත් එන්නත් වැඩසටහන ඉතා මන්දගාමීව සිදුවෙන බව සෞඛ්‍ය අමත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය අමත්‍යාංශයට රටේ ජනගහනයෙන් සියයට 70 කට වඩා එන්නත් කිරීමට හැකිවනු ඇත්තේ ලබන වසරේ මාර්තුවේදීය. වියට්නාමයේ එන්නත් ලබා දී ඇති පිරිස මිලියන 4 කි. 2,40,000 ක පිරිසක් එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇති බව සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

පසුගිය 2021 අප්‍රේල් මාසය වෙද්දී, මිලියන 100 ක ජනගහනයක් වෙසෙන වියට්නාමයෙන් වාර්තා වූ 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන 3,000 ක් පමණි. කෙසේ නමුත් සෞඛ්‍ය අංශ මවිතයට පත් කරමින් ආසාදිතයන් හිටිහැටියේ ඉහළ යන්න විය.

හැනොයිහිදීය (රොයිටර්)



අදහස් (0)

වියට්නාමයේ යළිත්‍ කොරෝනා පැතිරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 880 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site