සංචාරක වීසා බලපත්‍ර මත එරටට පැමිණි වියට්නාම ජාතිකයන් 152 දෙදෙනෙකු අතුරුදන් වී ඇති බව තායිවාන බලධාරීහු පවසති.
මෙම සංචාරකයන් දෙසැම්බර් 21 වැනිදා සිට 23 දක්වා කාලය තුළදී දකුණු කාඕසියුන්ග් නගරයේ සිට තායිවානයට පැමිණ ඇත.
මොවුන් නීතිවිරෝධී රැකියා අපේක්ෂාවෙන් පැමිණි අය බව තායිවාන මාධ්‍ය වර්තා කරයි.
තායිවානය වීසා ගාස්තු ඉවත් කිරීම සමඟ වියට්නාමය වැනි ආසියාතික රටවලින් විශාල පිරිසක් තායිවානයට පැමිණියහ.
තායිවානය විශාල වාණිජ ශක්තියක් ඇති ආසියාතික රටක් වන අතර කලාපයේ ධනවත්ම ඒකපුද්ගල ආර්ථිකයන් ඇති රටවල් ශ්‍රේණිගත කිරීමේදී ලැයිස්තුවේ ඉහළින්ම පිහිටන රටකි.
අතුරුදන් වූවන් සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බව එරට ජාතික ආගමන ආයතනය පවසයි.
බීබීසී ඇසුරෙනි
(63226 )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd