ඉන්දියාවේ නවදිල්ලි නගරයේ සත්වෝද්‍යානයක සිටි සුදු ව්‍යාඝ්‍රයකු සත්වෝද්‍යානය නැරඹීට ආ පුද්ගලයකු ඇදගෙන ගොස් මරා දමා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
මෙලෙස මරුමුවට පතව් ඇත්තෙ දිල්ලියේ පදිංචි මැක්සූඩ්වේ නමැති 20 හැවිරිදි තරුණයෙකි. සත්වෝද්‍යානය නරඹමින් සිටි ඔහු ව්‍යාඝ්‍රයා සිටි කූඩුව අසළට පැමිණ ඇති බවත් මේ අවස්ථාවේ ව්‍යාඝ්‍රයා ඔහු ගෙලෙන් ඩැහැගෙන කූඩුවේ පසුපස කොටසට ඇදගෙන ගොස් ඇතැයි ද වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කොල්ල උඩ ඉදන් බිමට වැටිලා .මිටි තාප්පයක් තිබිල තියෙන්නේ (දී)
මේ වීඩියෝ එක අනුව කාටහරි තිබුණා ඇඳගෙන ඉන්න ඇඳුම හරි ගලවලා ආධාරකයක් ලෙස පාවිච්චි කරලා මොහු බේරගන්න (නි)
මම ඇත්තටම ඉන්දියාවේ ඉන්නේ. මම දැක්කා ඒ වීඩියෝව. ගොඩක් දුක හිතෙනවා. ඒත් අවාසනාවට එතන හිටිය කිසිම කෙනෙක් බේරාගන්න උත්සාහ කරන්නේ නැහැ.සමහර අය ෆොටෝ ගහනවා, සමහර අය වීඩියෝ කරනවා. මම හිතනවා බේරාගන්න උත්සාහ කළා නම් ඒ අහිංසක ළමයා අදත් ජීවත්වෙනවා.අපේ බෞද්ධ දර්ශනය අනුව අපි ප්‍රාර්ථනා කරමු මෙවන් විපතක් කිසිම කෙනෙකුට වෙන්න එපා කියලා (නි)
ඒ මනුස්සයාව බේරා ගන්න තිබ්බා ඕන තරම (දී)
පව් අනේ (දී)
අනේ අහිංසකයා (දී)
හොදට තියෙයි සත්තුන්ට දඩාවතේ යන්න දුන්නොත් (දී)
සතුන් හිරකරගෙන පෙන්වන එක නැවැත් විය යුතුයි. (දී)
අනේ දෙවියනේ මෙවන් දෙයක් කවදාවත් වෙන්න එපා. සතුන් හිරකරගෙන පෙන්වන එක වහාම නැවැත් විය යුතුයි. (ස)
බිහිසුණු පුවතක් (දී)
මේක නම් පාඩමක් ඉගෙනගත හැකි ආරංචියක් (නි)
මෙහෙත් පින්නවල අලි අනාථාගාරයේ අලි බල්ලෝ බළල්ලු වගේ ලිහල දාල තියෙන්නේ. මිනිස්සුත් ළමයි වඩාගෙන ඒ ලඟටම යනවා. කොයි වෙලේ හරි අවුලක් වෙන්න පුළුවන්. (ස)