
තායිලන්තයේ චියැං මායි නුවර, ප්‍රසිද්ධ සංචාරක ආකර්ෂණයක් වන ‘ටයිගර් කිංග්ඩම්’ උද්‍යානයේ ව්‍යාඝ්‍රයන් 72 දෙනකු සති දෙකකට අඩු කාලයක් තුළ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
සංචාරකයන්ට ව්‍යාඝ්‍රයින් සමීපව ඇසුරු කිරීමට ඉඩකඩ සලසා දී තිබූ මෙම මධ්‍යස්ථානයට අයත් පරිශ්‍ර දෙකක සිටි ව්‍යාඝ්‍රයන් මෙසේ මියගොස් ඇති අතර, මෙය එරට සත්ත්ව පාලන බලධාරීන්ගේ දැඩි අවධානයට යොමුව ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පවසයි.
පශු වෛද්‍යවරුන් පවසා ඇත්තේ ව්‍යාඝ්‍ර මරණවලට හේතුව සුනඛයන් අතර බහුලව දක්නට ලැබෙන ‘කේනයින් ඩිස්ටෙම්පර්’ නමැති වයිරසය බවය. මෙම වයිරසය ස්නායු පද්ධතියට දැඩි ලෙස බලපෑම් කරයි. ‘ටයිගර් කිංග්ඩම්’ උද්‍යානයේ ව්‍යාඝ්‍රයන් 240 දෙනකු පමණ සිටින අතර, මේ වනවිට එය වසා දැමීමට බලධාරීන් පියවරගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd