ඉන්දියාවේ නවදිල්ලි නුවර පවතින වායු දූෂණය හේතුවෙන්, පාසල් සිසුන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් මිලියන 5ක් පමණ මුඛ ආවරණ ඔවුන්ට නිකුත් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබේ.
ඉන්දියාව මේ වනවිට මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් හදිසි තත්වයක් ප්‍රකාශ කර ඇත. ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දිල්ලිය ඇතුළු ආසන්නතම ප්‍රාන්ත දෙකකට වායු දූෂණය සම්බන්ධයෙන් කොන්දේසි කිහිපයක්ම පනවා තිබේ.
දිල්ලි නුවර පාසල් ලබන අඟහරුවාදා වනතුරු වසා දමා ඇත. නගරයේ සිදුකරන සියලු ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නවතා දමා ඇති අතර, ගිනි ආශ්‍රිත කටයුතුද තහනම් කර තිබේ.
දිල්ලි නගරය ‘ගෑස් කුටීරයක්’ බවට පත්ව ඇතැයි දිල්ලිහි ප්‍රධාන අමාත්‍යඅර්වින්ද් කෙජ්රිවාල් මහතා පවසයි.
ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ඉන්දු - බංගලාදේශ ක්‍රිකට් තරගය සඳහා ද වායු දූෂණයෙන් බාධා එල්ල වී තිබේ. බංග්ලාදේශ ක්‍රීඩකයින් මුඛ ආවරණ පැළඳගෙන පුහුණුවීම් කටයුතුවල යෙදෙමින් සිටිති.
පසුගිය වසරේදී ද ඉන්දියාවේ මෙවැනි ම ආකාරයේ වායු දූෂණ තත්වයක් ඇති වූ බවද, ස්වේච්ඡා සංගම් ජනයාට දහස් ගණන් මුඛ ආවරණ ලබාදුන් බවද වාර්තා වේ.
(බීබීසී ඇසුරිනි)
16844



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපගේ අගනගරයත් ඉතාමත් ඉක්මණින් මෙම තත්වයට පත්වෙන දින වැඩි ඈතක් නොවෙනු ඇත."ප්‍රතිපත්ති සහ ප්‍රමිතීන්" පිළිබඳව නොසලකන්නේද.. එතැනදී සක්කරයත් ඇන ගන්නේය...
වාසනාවකට ලංකාවේ කොළඹ මෙහෙම දෙයක් වෙන්න තියෙන ඉඩ අඩුයි. මොකද එක පැත්තකින් මුහුද තියෙන නිසා කොහොම වුණත් නයිට්‍රජන් සහ සල්ෆර් සංයෝගවල සාන්ද්‍රණය ඉතා ඉහළ මට්ටමක කොළඹ නගරය පවතිනවා.. ඒ වගේ වැඩිම බලපෑම තියෙන්නේ කොළඹ පාසල් දරුවන්ට... අනෙක් අතට ලංකාවේ මෙවැනි තත්වයක් ඇති වෙනවා නම් වෙන්නේ මහනුවර... මොකද කඳු වළල්ලකින් වටවෙලා නිසා මේ දූෂිත වායු සාන්ද්‍රණය දිනෙන් දින ඉහළ යනවා. දැන්ම පර දෙපැත්තේ ගස් වවන්න පටන් ගත්තොත් සාමාන්‍යයෙන් හෝ මෙය පාලනය කල හැකියි.