ඉන්දියාවේ පරිසර දුෂණ පාලන අධිකාරිය දිල්ලියේ වායු දුෂණය වළක්වාගැනීමට දුරකථන මෘදුකාංගයක් හඳුන්වාදෙයි.’හවා බද්ලෝ’ යනුවෙන් නම් කර ඇති එම මෘදුකාංගය ‘වායුගෝලය වෙනස් කරමු’ යන අරුත දෙයි.
ඒ මගින් වායු දුෂණයට හේතුවන ක්‍රියාකාරකම් ගැන ක්ෂණිකව අදාළ බලධාරීන් වෙත වාර්තා කිරීමට හැකි බව බලධාරීහු කියති.දුහුවිල්ල අධිකව පවතින ගොඩනැගිලි, ප්‍රසිද්ධ ස්ථාන වල සහ උද්‍යාන වල අපද්‍රව්‍ය ගිනි තැබීම වැනි ක්‍රියාකාරකම් ඡායාරූපගත කිරිමටත් හැකියාව පවතියි.සත්‍ය පැමිණිලි පමණක් විභාග කර නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව බලධාරීහු කියති. ඒ අනුව පැමිණිල්ල පිලිබඳ සියලු විස්තර සහ ගන්නා ලද ක්‍රියාමාර්ග පිලිබඳ විස්තර පැමිණිලිකරු වෙත ලැබීමට ද සලස්වයි.
වසර ගණනක සිට දිල්ලියේ සිදුවෙතැයි කියන පරිසර දුෂණය වළක්වාගැනීමට විවිධ ක්‍රියාමාර්ග ගත් බව කියති.මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලෙස දිල්ලියේ අධිකරණයක් නියෝගයක්ද නිකුත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්. ලංකාවෙත් එහෙම කරමු. (නි)