වායු දූෂණය නිසා ඇතිවන රෝගාබාධ හේතුවෙන් අවුරුදු පහට අඩු දරුවන් 600,000 පමණ වාර්ෂිකව මියයන බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (යුනිසෙෆ් සංවිධානය) පවසයි. මෙය මැලේරියාව සහ ඒඩ්ස් රෝගය වැළඳීම හේතුවෙන් මියයන සංඛ්‍යාවේ එකතුවටත් වඩා වැඩි අගයකි. විශේෂයෙන් දිළිඳු රටවල වායු දූෂණය වැඩිවශයෙන් පවතින බව ඔවුන්ගේ වාර්තාවේ දැක්වේ.

කුඩා දරුවන්ගේ වර්ධනය වන පෙනහළු පමණක් නොව මොළයේ සෛල වලටද දූෂිත වාතය මගින් හානි සිදුවන බවත් එමගින් ඔවුන්ගේ අනාගතයටද බලපෑම් ඇතිවන බවත් වාර්තාවේ දක්වා ඇත. නොවැම්බර් මාසයේදී මොරොක්කෝවේ පැවැත්වෙන දේශගුණික විපර්යාස සමුළුවේදී මෙම සම්පූර්ණ වාර්තාව එළි දැක්වීමට නියමිත බව යුනිසෙෆ් සංවිධානය පවසයි.

වායු දූෂණය සම්බන්ධව ඉතාමත් ඉක්මනින් පියවර ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක නායකයින්ගෙන් ඉල්ලා සිටියි. මෙම ක්‍රියාවලියේදී අනුගමනය කළයුතු පියවර හතරක් ඔවුන් පෙන්වා දී තිබේ.

බලශක්ති අවශතා සඳහා සිදුකරන ඉන්ධන දහනය අවම කිරීම. විශාල වශයෙන් දරුවන් මියයෑමට හේතුවක් වන නිව්මෝනියා රෝගය සඳහා ප්‍රතිශක්තිකරණ වැඩසටහන් වලට පුමුඛත්වයක් ලබාදීම. කර්මාන්තශාලා සහ වෙනත් වායු දූෂක ස්ථාන වලින් පාසල් ඉවතට ගෙනයෑම සහ නිවසේ උඳුන් වලින් පිටවන දුම පිරිසිදු කිරීමේ ක්‍රියාමාර්ග අනුගමනය කිරීම මෙම පියවර වලට ඇතුලත් වේ. එසේම වායු දූෂණ ගණනය කිරීම නිරන්තරව සිදුකළ යුතු බව ද ඔවුන් පෙන්වා දෙයි.

151022135937-smog-woman-2-mask-pollution-exlarge-169 161030144651-air-pollution-children-unicef-medium-plus-169