IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


විමර්ශනයක් පවත්වන්න ඉන්දුනීසියා ජනපති කියයි

ඉන්දුනීසියා පාපන්දු ක්‍රීඩාංගනයක හටගත් තෙරපීමෙන් 174 දෙනකු ජීවිත්ක්ෂයට පත් වීමත්, 200 දෙනකු තුවාල ලැබීමත් සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් පවත්වන්නැයි ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ ප්‍රාන්ත බලධාරීන්ට උපදෙස් දී තිබේ.

එම විමර්ශන අවසන් වනතුරු පාපන්දු තරග පැවැත්වීම තහනම් බව ද ජනාධිපතිවරයා වැඩි දුරටත් පවසා ඇත. තෙරපීම හටගත්තේ ඉන්දුනීසියාවේ නැගෙනනහිර ජාවා ප්‍රාන්තයේ මලංග් නමැති නගරයේ, කංජුරුහාන් ක්‍රීඩාංගනයේ, පාපන්දු තරගයක් අවසානයේදීය.

පාපන්දු තරගය පැවැත්වූයේ ‘අර්මියා එෆ්.සී.’ සහ ‘ප්‍රෙෂ්බායා සුරාබායා’ නමැති පාපන්දු කණ්ඩායම් දෙක අතරේය.
‘අර්මියා එෆ්.සී.’ නැගෙනහිර ජාවා ප්‍රාන්තය නියෝජනය කරන පාපන්දු කණ්ඩායමය. මොවුන්, 3 ට දෙකක් ලෙස ‘ප්‍රෙෂ්බායා සුරාබායා’ කණ්ඩායම හමුවේ පරාජය විය.

‘අර්මියා එෆ්.සී.’ කණ්ඩායමේ ක්‍රීඩා ලෝලීන්ට එම පරාජය දරාගත නොහැකි වූ අතර ඔවුහු කලහ කිරීමට පටන් ගත්හ. කලහකාරී පිරිස් ක්‍රීඩාංගනය ඉදිරිපිට නවතා තිබුණු මෝටර් රථවලට පවා ගිනි තබන්න වූහ. කලහකාරීන් විසුරුවා හැරීමට කැරැලි මර්දන පොලිසිය කැඳවිණි. තෙරපීම හටගත්තේ පොලිසිය පැමිණ කලහකාරී ප්‍රේක්ෂකයන්ට පහර දෙමින්, ඔවුන්ට කඳුළු ගෑස් ප්‍රහාර ද එල්ල කරද්දීය.

පාපන්දු ක්‍රීඩාංගනයේ ඉඩ ඇත්තේ නරඹන්නන් 38,000 කට පමණක් බවත් 42,000 ක් සඳහා ප්‍රවේශපත් අලෙවි කර තිබුණු බවත් පසුව අනාවරණය විය. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ක්‍රීඩාංගනයක සිදුවුණු දරුණුතම ඛේදවාචකයක් ලෙස මෙම තෙරපීම හැඳින්විය හැකි බවය.

(රොයිටර්)



අදහස් (0)

විමර්ශනයක් පවත්වන්න ඉන්දුනීසියා ජනපති කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 470 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2219 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1669 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site