පෞද්ගලික පරිගණක වල ඇති වෙබ් කැම් උපකරණ,නිවෙස් හා ව්‍යාපාරික ස්ථානයන්හි සවිකර ඇති ආරක්ෂක කැමරා ආදියෙන් ලැබෙන දසුන් හැකර්වරුන් අතට පත්වීමේ අවදානමක් ඇතැයි බි‍්‍රතාන්‍යය ආරක්ෂක විශේෂඥයෝ පිරිසක් අනතුරු අගවති.
දැනට බි‍්‍රතාන්‍යයේ පමණක් මෙවැනි සිදුවීම් විශාල ප‍්‍රමාණයක් වාර්තාවී තිබෙන අතර මෙම කැමරා පද්ධතිවලට යොදා ඇති ආරක්ෂක මුරපද බිද දමා ඇතුල්වන හැකර්වරුන් ඒවායින් ලැබෙන දර්ශන අන්තර්ජාලයේ ඇති වෙබ් අඩවියක් ඔස්සේ ප‍්‍රචාරය කර හරින බව හෙළිව තිබේ.
විශේෂඥ පිරිස සිදුකර ඇති පරීක්ෂණයට අනුව මව්පියන් තම දරුවන්ගේ කාමර වල සවිකර ඇති කැමරා, ව්‍යාපාරික ස්ථානයන්හි සවිකර ඇති කැමරා, මුදල් ගැනීමේ යන්ත‍්‍ර අසළ සවිකර ඇති කැමරා ආදීන්ගෙන් ලැබෙන දර්ශන මෙම වෙබ් අඩවියෙන් ප‍්‍රසිද්ධ කර ඇත.
මෙය නිවෙස් බිඳීන්නන්ට මෙන්ම විවිධ වංචනික කි‍්‍රයාවන්හි යෙදෙන්නට තැත් කරන්නන්ට ‘‘පනිනු රිලවුන්ට ඉනිමං බැන්දාක්‘‘ වැනි අවස්ථාවක් සපයා දී ඇතැයි ඔවුහු කියති.
හැකර් ප‍්‍රහාරයන්ට වඩාත්ම ඉලක්ක වී ඇත්තේ මෑතකදී ප‍්‍රචලිතවූ චීන සමාගමක කැමරා පද්දතීන් වන අතර එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත්තේ වහාම තම තමන්ගේ මුරපද වෙනස් කරන්නැයි පාරිභෝගිකයින්ට දන්වන බවයි.
සොයාගැනීමට අසීරු අක්ෂර හා ඉලක්කම් සංයෝජනයකින් යුතු මුරපද මෙවැනි කැමරා පද්ධතීන් සඳහා භාවිත කරන්නැයි විශේෂඥ පිරිසද ඉල්ලා සිටී.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාක්ෂණය කියන්නේ පිහියක් වගේ. ඒ පිහියෙන් ඇපල් ගෙඩියක් කපන්නත් පුළුවන් වගේම මිනීමැරුමක් කරන්නත් පුළුවන්. මේ තාක්ෂණික දියුණු මගින් ලෝකය ඉදිරියට යනවා කිව්වට, ඇත්තටම වෙන්නේ අපි මේ ලෝකය විනාස කරමින් ආපස්සට යන එකයි. තව ටික කාලයකින් ළමයින්ව යන්ත්‍රයක් මාර්ගයෙන් බිහි කලොත් පුදුම වෙන්න දෙයක් නැහැ. (නදී)