IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වෙබ් කෑමයත් හැකරු අතට

පෞද්ගලික පරිගණක වල ඇති වෙබ් කැම් උපකරණ,නිවෙස් හා ව්‍යාපාරික ස්ථානයන්හි සවිකර ඇති ආරක්ෂක කැමරා ආදියෙන් ලැබෙන දසුන් හැකර්වරුන් අතට පත්වීමේ අවදානමක් ඇතැයි බි‍්‍රතාන්‍යය ආරක්ෂක විශේෂඥයෝ පිරිසක් අනතුරු අගවති.

දැනට බි‍්‍රතාන්‍යයේ පමණක් මෙවැනි සිදුවීම් විශාල ප‍්‍රමාණයක් වාර්තාවී තිබෙන අතර මෙම කැමරා පද්ධතිවලට යොදා ඇති ආරක්ෂක මුරපද බිද දමා ඇතුල්වන හැකර්වරුන් ඒවායින් ලැබෙන දර්ශන අන්තර්ජාලයේ ඇති වෙබ් අඩවියක් ඔස්සේ ප‍්‍රචාරය කර හරින බව හෙළිව තිබේ.

විශේෂඥ පිරිස සිදුකර ඇති පරීක්ෂණයට අනුව මව්පියන් තම දරුවන්ගේ කාමර වල සවිකර ඇති කැමරා, ව්‍යාපාරික ස්ථානයන්හි සවිකර ඇති කැමරා, මුදල් ගැනීමේ යන්ත‍්‍ර අසළ සවිකර ඇති කැමරා ආදීන්ගෙන් ලැබෙන දර්ශන මෙම වෙබ් අඩවියෙන් ප‍්‍රසිද්ධ කර ඇත.

මෙය නිවෙස් බිඳීන්නන්ට මෙන්ම විවිධ වංචනික කි‍්‍රයාවන්හි යෙදෙන්නට තැත් කරන්නන්ට ‘‘පනිනු රිලවුන්ට ඉනිමං බැන්දාක්‘‘ වැනි අවස්ථාවක් සපයා දී ඇතැයි ඔවුහු කියති.

හැකර් ප‍්‍රහාරයන්ට වඩාත්ම ඉලක්ක වී ඇත්තේ මෑතකදී ප‍්‍රචලිතවූ චීන සමාගමක කැමරා පද්දතීන් වන අතර එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත්තේ වහාම තම තමන්ගේ මුරපද වෙනස් කරන්නැයි පාරිභෝගිකයින්ට දන්වන බවයි.

සොයාගැනීමට අසීරු අක්ෂර හා ඉලක්කම් සංයෝජනයකින් යුතු මුරපද මෙවැනි කැමරා පද්ධතීන් සඳහා භාවිත කරන්නැයි විශේෂඥ පිරිසද ඉල්ලා සිටී.

1411243784208_Image_galleryImage_MOS_grabs_by_Liz_from_liv 1411243789160_wps_15_Mail_on_Sunday_reporter_S 1411243932090_Image_galleryImage_MOS_screen_grabs_by_Simon 1411244084337_Image_galleryImage_MOS_screen_grabs_by_Simon 1411244132740_Image_galleryImage_MOS_screen_grabs_by_Simon 1411244267184_Image_galleryImage_Foscam 1411244268170_wps_25_BGF0G4_CCTV_camera_on_whi



අදහස් (0)

වෙබ් කෑමයත් හැකරු අතට

ගයාන් Monday, 22 September 2014 11:43 AM

තාක්ෂණය කියන්නේ පිහියක් වගේ. ඒ පිහියෙන් ඇපල් ගෙඩියක් කපන්නත් පුළුවන් වගේම මිනීමැරුමක් කරන්නත් පුළුවන්. මේ තාක්ෂණික දියුණු මගින් ලෝකය ඉදිරියට යනවා කිව්වට, ඇත්තටම වෙන්නේ අපි මේ ලෝකය විනාස කරමින් ආපස්සට යන එකයි. තව ටික කාලයකින් ළමයින්ව යන්ත්‍රයක් මාර්ගයෙන් බිහි කලොත් පුදුම වෙන්න දෙයක් නැහැ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 590 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site