නේපාල භූමිකම්පාවෙන් මියගිය අයට පිං දීමේත්, තුවා ලැබූවනට ඉක්මන් සුවය පැතීමේත් පිංකමක් ලන්ඩන් නුවර ජාත්‍යන්තර බෞද්ධ පදනම සහ ලුම්බිණි නේපාල බුද්ධ ධම්ම සංවිධානය විසින් පැවැත්විණි.
කින්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වු මේ පිංකම විහාරවාසී නේපාල ජාතික සුමන හිමියන් විසින් සංවිධානය කෙරිණි.
සිදුහත් කුමරුන් උත්පත්තිය ලද පින්බිම අයත් නේපාලයට සිදුවූ මෙම ස්වාභාවික විපත පිළිබඳව සියලුම දෙනාගේ බලවත් ශෝකය ප්‍රකාශ කරන බවත් විපතට පත්වුවන්හට ශක්ති ප්‍රමාණයෙන් උපකාර කිරීම සඳහා ලෝක බෞද්ධ පදනම දැනටමත් කටයුතු ක්‍රියාත්මක කර ඇති බවත් සුමන හිමියෝ පැවසුහ.
ලුම්බිණි නේපාල බුද්ධ ධර්ම සංවිධානයේ සභාපති වෛද්‍ය ධර්ම ශාක්‍ය, පිංකම සංවිධානය කිරීම සඳහා අවකාශය ලබාදුන් සද්ධාතිස්ස විහාරාධිපති ගලයායේ පියදස්සි නාහිමියන් ඇතුළු සියලුම දෙනාට ස්තුතිවන්තවන බව පැවසුවේය.
වෙසක් පුන් පොහොදිනට පෙර දිනය වන මැයි 2 වැනි සෙනසුරාදා සවස 6 ට කින්ස්බරි විහාරස්ථානයේදී තවත් පින්කමක් පැවැත්වෙන බවද ඔහු නිවේදනය කළේය.
මෙම විපතින් දැනට 4,000 කට වැඩි ප්‍රමාණයක් මියගොස් තවත් විශාල සංඛ්‍යාවක් තුවාල ලබා ඇති අතර මහා පරිමානයේ දේපල විනාශයක්ද සිදුව ඇති බවා වාර්තාවී ඇත.නේපාලය අවට ඉන්දියාව, චීනය ඇතුළු රටවල් 4 කට මෙම භූ කම්පනය දැනී ඇතත් දැඩි විනාශයක් සිදුව ඇත්තේ කත්මණ්ඩු නගරය අවට ප්‍රදේශයටය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩක්.(හේ)