මිනිස් ක්‍රියාකාරකම් නිසා පෘථීවිය මත සිදුවීමට යන 6 වන මහා වඳවීම සිතුවාටත් වඩා කලින් ආරම්භ වී ඇති බව විද්‍යාඥයෝ කියති.
‘සයන්ස්‘ සගරාවට අදහස් දක්වමින් මේ සම්බන්ධව පර්යේෂණයක් කර ඇති ලොව විවිධ රටවල් නියෝජනය කරන විද්‍යාඥ කණ්ඩායමක් පවසන්නේ දැනටමත් සතුන් විශේෂ 320 කට ආසන්න සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම වද වී යෑමට මිනිස් ක්‍රියාකාරකම් හේතුවී ඇති බවයි.
තවත් සතුන් විශේෂ බොහෝ ගණනක් තර්ජිත හෝ වදවී යමින් සිටින තත්ත්වයේ සිටින බව ඔවුහු කියති.
පෙර පෘථීවියේ සිදුවී මහා නෂ්ඨවීම් සියල්ලකටම පාහේ හේතුවූයේ ඇස්ටරොයිඩයක් කඩා වැටීම,මහා ජල ගැලීම්,කාලගුණ විපර්යාස වැනි ස්වභාවික හේතූන් වුවද මෙවර සිදුවීමට යන මහා නෂ්ඨවීමේ සම්පූර්ණ වගකීම මිනිසා මත පැටවෙන්නේයැයි පෙනෙන්නට ඇති බව විද්‍යාඥ පිරිස පවසති.
තත්ත්වය මෙසේ වෙද්දී මිනිස් ගහණය නම් සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බව සංඛ්‍යාලේඛණ වලින් පැහැදිලි වන කරුණකි.
වදවී යෑමේ තර්ජනය වඩාත් එල්ලවී ඇත්තේ අලි ඇතුන්, රයිනෝසෝරයන්, හිම වලසුන්, වැනි ප්‍රමාණයෙන් විශාල සතුන්ට බව හදුනාගෙන ඇත.
මෙයට හේතු ලෙස විද්‍යාඥ පිරිස පෙන්වා දෙන්නේ මෙම සතුන් ප්‍රමාණයෙන් විශාල වීම නිසා දඩයම්කරුවන්ගේ ගොදුරු බවට පහසුවෙන් ලක්වීමත්, වරකදී පැටවුන් අඩු ගණනක් බිහි කිරීම නිසා මියයන ජීවීන් සංඛ්‍යාවට හා සමානව නව ජීවීන් නොඉපදීමත්, පැතිර සිටීමට විසල් ඉඩකඩක් අවැසි වුවත් මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා එවැන්නක් සපයා ගැනීමට අපහසුව තිබීමත් වැනි කරුණුය.
මෙම සතුන් හා අපගේ කිසිදු ගනුදෙනුවක් නැතැයි ඔවුන්ගේ විනාශය ගණනකට නොගෙන නොසිටිය හැකි බවත් ඔවුන් විනාශ වීම යනු මිනිසුන් වන අපගේ විනාශයද නුදුරේදීම ළගාකර ගැනීම වනු ඇති බවත් විද්‍යාඥ පිිරිස අනතුරු අගවති.
මෙයට උදාහරණයක් ලෙස ලෝකයේ ඉහළ නගමින් තිඛෙන මිීයන් වැනි කෘන්තකයින්ගේ හා වෙනත් පරපෝෂිතයින්ගේ ගහණය ඔවුන් පෙන්වා දෙති.
මෙම සතුන්ගේ ගහණයේ ඉහළ යෑමට වෙනත් සතුන්ගේ ගහණයේ අඩුවීම හේතුවී ඇතැයිද විවිධාකාරයේ රෝග කාරක වල ප්‍රවාහකයින් ලෙස කි්‍රයාකරන මෙම සතුන් මිනිසාගේ විනාශය ළගා කරනු ඇතැයිද ඔවුහු පවසති.
ලෝකයේ පැවැත්මට සියලූ ජීවීන්ගේ දායකත්වය අවශ්‍ය බව ඔවුහු අවධාරණය කරති.
එහිදී එක් ජීවියෙකුට වැඩි තැනකුත්,තවත් ජීවියෙකුට අඩු තැනකුත් හිමි වන්නේ නැතැයි ඔවුහු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපත් පාලන පෙති හා කොපු වහා විනාශ කර දමන්න .විවාහ වීමේ වයස අවුරුදු 14 දක්වා අඩු කරන්න. බහු විවාහ වලට රාජ්‍ය අනුග්‍රහය දෙන්න. (නදී)
මේ පරික්ෂකයන්ට අපි ගෞවරව කරනවා වගේම මේ කියන සංහිඳියාව අපේ මුතුන්මිත්තෝ අපුරුවට විස්වාස කළා. ඒ අනුව ක්‍රියා කලා. කවදාවත් හේනකට ගිනි තිබ්බේ නැහැ සතුන් දැනුවත් නොකර කලින් දවසේ හැන්දෑවේ ගිනිහුලක් අරගෙන මුළු හේන වටේම කෑ ගහනවා සතුන්ට ඇහෙන්න පහුවෙනිදට තමයි හේන ගිනි තියන්නේ , ගහකට අත තිබ්බේ තමන්ගේ අවශ්‍ය තාවයටකට මිසක් මුදල් ඉපයීමේ තෘෂ්ණානාවෙන් නෙවෙයි. එ්කත් ගහට කොළට වැඳලා තමයි කැපුවේ . සොබාදහම , සතා සීපාවා , එක්ක තිබුන එ් සැබඳියාව නිසාම අපිට හොඳ සහජීවනයක් තිබුනා. බල ලෝබි මුදල්ම පරමාර්ථය කරගත් ආත්මාර්ථකාමී මිනිසුන් නිසා අද හැම දේම උඩු යටිකුරු වෙලා (නදී)