වෙනත් පුද්ගලයකු සුරතලයට ඇති කළ වඳුරකු සපාකෑම නිසා තම දියණිය තුවාල ලැබුවේ යැයි උරණවූ දෙමාපිය යුවළක් එයට පළිගනු වස් ඇති කරගත් ගැටුමක් පුද්ගලයින් 20 දෙනකු මරණයට පත්වීම දක්වා දුරදිග ගොස් ඇති පුවතක් ලිබියාවෙන් වාර්තා වේ.
ගෝත‍්‍ර දෙකකට අයත් ජන කොටස් අතර මෙම ගැටුම හටගෙන ඇති අතර මුලින් මරු දැක ඇති බව සදහන් වන්නේ වඳුරාගේ හිමිකරු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකි.
මෙම ගෝත‍්‍ර දෙක අතර කාලයක පටන්ම හිත් අමනාපකම් පැවත ඇති බව පැවසේ.
දින ගණනාවක් පුරා ඇවිලෙන ගැටුම තවමත් අවසන්ව නොමැති බවත්, මියගොස් ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව මිීට වඩා වැඩි විය හැකි බවත් එරට මාධ්‍ය වාර්තා කරයි.
ලිබියාව අසාර්ථක දේශයක් ලෙස සැළකෙන අතර, හිටපු පාලක මුවමර් ගඩාෆිගේ මරණයෙන් පසු එරට පාලනය රජයක් යටතට පත්වුවද තවමත් ලිබියාව එක්සත් කිරීමට නොහැකිව ඇත.
ලිබියාවේ ඇතැම් කොටස් වල පාලනය පවතිනුයේ රජය යටතේ නොව විවිධ ජන කොටස් යටතේය.රටේ සම්පූර්ණ පාලනය දිනා ගැනීමට මෙම ජන කොටස් එකිනෙකා සමග මෙන්ම රජය සමගද යුද වැද සිටින්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ඉන්න වඳුරන් හා අමනුස්සයොත් ඔයිට දෙවැනි නැහැ. හැබැයි, මෙහෙ ඉන්න අමනුස්සයෝ හිතාගෙන ඉන්නේ, ඔවුන් බෝධි සත්වයෝ කියලයි. එච්චරයි වෙනස..(බ)
කුලමල, ජාති, ආගම් මුල්කරගත් සෑම රටක්ම, සෑම ජාතියක්ම අභාවයට යනු ඇත. මෙය එය සනාථ කරන තවත් සිදුවිමකි. (නි)
ලංකාව ගැන ඉදිරියේදී මේ වගේ පුවත් අහන්න නොලැබුනොත් ලොකු දෙයක්...විශේෂයෙන් අසාර්ථක රාජ්‍යයක් වගේ දේවල්. (බ)
අනේ සුසන්ත, තිරිසන් සතාට මොන දඬුවම්ද? එ්කා තිරිසන් සතා! දඬුවම් දියයුත්තේ එවන් සතුන් හදන කෙනාට. එවන් සතුන් හදන්න නීතියෙන් අවසර තිබේනම් වරද වන්නේ අනිත් පාර්ශව වලට කරදර වන අයුරින් සතා ඇති කිරීම වන අතර, එසේ අවසර නැත්නම් වරද වන්නේ සතා ඇති කිරීම වේ. (බ)
අපි නම් දන්නවා ඔය ගෝත්‍ර දෙක මොකක්ද කියලා.(හේ)
ඉරාකය, ඇෆ්ඝනිස්තානය වගේම ඇමෙරිකාව විසින් විනාශකළ තවත් රටක් මේක. දැන් ඉතින් පාලනයක් නැති මේ රටේ මොනවද නොවෙන්නේ. (නි)
වඳුරාට දඬුවම් කරනු වෙනුවට අනේ හෑබෑටම මේ මිනිස්සු කරන දේවල්? (නි)