ඇමෙරිකාවේ බලපෑමට අනුව, ලොව ඇතැම් රටවල් වෙනිසියුලාවට පනවා ඇති ඒකපාර්ශ්වික සම්බාධක ඉවත් කරන්නැයි චීනය ඉල්ලීමක් කර ඇත.

 චීනය මෙම ඉල්ලීම කර ඇත්තේ වෙනිසියුලාව ප්‍රබල භූමිකම්පා දෙකකින් බැට කා අසරණ වී සිටින බව පෙන්වා දෙමිනි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 62 වන සැසිවාරයට සමගාමීව පසුගියදා පැවති රැස්වීමක් අමතමින් ජිනීවා නුවර චීන නියෝජිත පිරිසේ අමාත්‍ය-උපදේශක මූ ජියැංෆෙන්ග් චීන රජය වෙනුවෙන් මෙම ඉල්ලීම කළේය.

වෙනිසියුලාවේ ආර්ථික හා සමාජීය සංවර්ධනයට මෙන්ම ජනතාවගේ ජීවනෝපායන් වැඩිදියුණු කිරීමේ උත්සාහයන්ට මෙම සම්බාධක දැඩි ලෙස බාධා කර ඇති බව අමාත්‍ය-උපදේශක මූ ජියැංෆෙන්ග් පැහැදිලි කළේය.

ප්‍රබල භූමිකම්පා හේතුවෙන් චීනය, විපතට පත් වුණු වෙනිසියුලා වැසියන්ට සහාය වෙමින් හදිසි මානුෂීය ආධාර ලබා දෙමින් සිටින බවත්, ඔවුන්ට මෙම ව්‍යසනය ජයගෙන හැකි ඉක්මනින් තම ජීවිත යළි ගොඩනඟා ගැනීමට හැකි වනු ඇතැයි විශ්වාස කරන බවත් චීනය පවසා ඇත.

භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 1450ක් දක්වා ඉහළ ගොස් ඇත. සහන සේවා කටයුතු නොකඩවා සිදුවන නමුත්, නිරන්තරයෙන් හටගන්නා පසුකම්පන එම සහන සේවා මෙහයෙුම්වලට බාධා එල්ල කරයි.