වෙනිසියුලාවේ ජනපති නිකොලෝ මාදුරෝ එරට දින 60ක හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ඔහුගේ වාමාංශික රජය පෙරළාදැමීමට ඔපෙක් රටවල් හා ඇමරිකා එක්සත් ජනපදය උත්සාහ කරන බව ඔහු කියයි.
මේ අතර ඔහු එරට ඇතැම් කර්මාන්ශාලා සීල් තබා ඒවායේ හිමිකරුවන් අත්අඩංගුවට ගැනීමට නියෝග කිරීම හේතුවෙන් විපක්ෂය විරෝධය දක්වා ඇති අතර ඒ හේතුවෙන් රට තුළ උණුසුම්කාරී වාතාවරණයක් ඇතිවී ඇතැයි කියති.
වෙනිසියුලා ජනපති බලයෙන් පහ කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු යැයි විපක්ෂය යෝජනා කරයි.
ජනපති මාදුරෝ නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදය කඩ කරමින් සිටින බවත් ඔහුගැන බලාපොරොත්තු තබාගත නොහැකි බවත් දූෂණයට එරෙහි ප්‍රජාතන්ත්‍රවාදී එකමුතුවේ නායක ජේසස් ටොරෙඅල්බා පවසයි.
එරට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇත්තේ කිසිදු ජාතික රැස්වීමක උපදේශකත්වයෙන් තොරව බවත් උද්ඝෝෂකයෝ විශාල පිරිසක් ජනපතිට එරෙහිව වීදි බසින බවත් ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ නොහැකියාව කුමන්ත්‍රණ කියා වසා ගැනීම. (ම)
හිමාල්,,දන්නේ නැති දේවල් ගැන කතා නොකර ඉන්නවද? කරුණාකරලා. ලංකාවට යහපාලනය ගෙන්න මුලික වුනෙත් ඔයා වගේ කට්ටිය තමයි. (බ)