වෙනිසියුලාවේ විපක්ෂයට සහාය පළ කරන බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් මහතා පැවැසීය.
ජනාධිපති නිකොලස් මදුරෝ මහතා පසුගිය වසරේ මැයි මාසයේදී වෙනිසියුලාවේ ජනාධිපති ධුරයට පත්වූයේ නීති විරෝධී ආකාරයට යැයි ද වෙනිසියුලාව තුළ “ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත” කිරීමට යුරෝපයේ සහයෝගය හිමිවන්නේ යැයි ප්‍රංශ ජනාධිපතිවරයා කීවේය.
වෙනිසියුලාවේ විපක්ෂ නායක යුවාන් ගුවයිඩෝ මහතා ඊයේ (23) තමන් රටේ අන්තර්වාර ජනාධිපතිවරයා යැයි නිවේදනය කළේය.
කෙසේ නමුත් වෙනිසියුලාවේ විපක්ෂ නායකවරයා තමන් රටේ අන්තර්වාර ජනාධිපතිවරයා යැයි ප්‍රකාශ කිරීම “බලය පැහැර ගැනීමක්” යැයි රුසියාව ප්‍රකාශ කළේය.
මේ තත්ත්වයත් සමඟ වෙනිසියුලාවේ අර්බුදය හේතුවෙන් ලෝකය තුළ නැවත වරක් කඳවුරු දෙකක් නිර්මාණය වෙමින් තිබේ.
ඒ.එෆ්.පී. ඇසුරිනි
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd