වෙනිසියුලාවේ වෙඩි තැබීමකින් 11 දෙනකු මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

හඳුනා නොගත් තුවක්කුකරුවන් ට්රුජිලෝ හි දී සිදු කළ වෙඩි තැබීමකින් මිය ගිය පිරිසට තරුණයන් තිදෙනකු හා කොළොම්බියා ජාතිකයකු ද අයත් බව කියති.

එරට රාජ්‍ය නොවන සංවිධාන පවසනුයේ වෙනිසියුලාවේ අපරාධ සංඛ්‍යාව පසුගිය දිනවල වැඩි වී ඇති බවයි.