වෙනිසියුලාවේ ජාතික මැතිවරණයෙන් එරට විපක්ෂ කණ්ඩායම වැඩි ආසන ප්‍රමාණයක් දිනා ඇතැයි එරට පුවත් සේවා අනාවරණය කරයි.
හිටපු ජනපති හියුගෝ චාවේස් 1999 වසරේ සිට පාලනය සිදුකිරීමෙන් පසු වෙනත් පක්ෂයකට බලය ලැබුණු පළමු වතාව මෙය බව කියති. එම්යූඩී පක්ෂය ආසන 99ක් ලබා අතර යුනයිටඩ් සෝෂල් පාර්ටි හෙවත් පී.එස්.යූ.වී පක්ෂය ලබාගෙන ඇත්තේ ආසන 46 ක් පමණි.
විපක්ෂයේ ප්‍රබල ආධාරකරුවකු වන මිරැන්ඩා ප්‍රාන්තයේ ආණ්ඩුකාර හෙන්රික් කැප්රිල්ස් වෙනිසියුලාව ජයගත් බව කියයි. අපි හැමවෙලේම කිව්වා ඔබ සැමට, මෙය නිහතමානීත්වයේ, පරිණත බවේ හා සන්සුන් භාවයේ මාවත බවද ඔහු පවසයි. වෙනිසියුලා වැසියන්ට දීර්ඝායුෂ පතන බවද ඔහු ප්‍රකාශ කොට ඇතැයි සීඑන්එන් පුවත්සේවය සඳහන් කරයි.
මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් බව එම්යූඩී පක්ෂයේ විධායක ලේකම් ජේසස් ටොරිඅල්බා කියයි.
ජනපති නිකලස් මාදුරෝ තම පරාජය පිළිගනිමින් ප්‍රකාශයක් නිකුත් කර ඇති අතර තමන් පරාජය පිළිගන්නා බවත් නමුත් චාවේස්ගේ සමාජවාදී රාජ්‍යයක් ගොඩනැගීමේ දර්ශනය අත්නොහරින බවටත් පොරොන්දුවී ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රසන්න එහේ තෙල් වලට අපේ පොල් වලට දෙවි පිහිටයි. (ර)
මෙවන් පුවත් ගෙනඑන ලංකාදීපයට තුති! (නි)
දැන් සමාජවාදය කියන එක යල් පැන ගිහින් ... (ම)
බණ්ඩා,නොදැන කියවන්න එපා. සමාජවාදය කියන්නේ තාමත් සමාජය සම්ප්‍රේෂණය වෙමින් තියෙන අවදියකට. නමුත් පූර්ණ වශයෙන් දැකිය හැකි ආකාරයකට එම පරිවර්තනය සිද්ධවෙලා නැහැ. ඒක නොතේරෙන කට්ටිය සහ නොතේරුනා වගේ කතාකරන අය වැඩියි. (නි)
වෙනිසිලාවේ තිබුනේ ලංකාවේ වගේ බටහිරට බනිමින් හියුගෝ චාවේස් ( සහ ඔහු මියගිය පසු ඔහුගේ සහචරයින් ) ගෙනගිය බටහිරවිරෝධී අර්ධ ඒකාධිපති රජයක්. එය පෙරලුනු එක හොඳයි (නි)
වෙනිසියුලාවේ තෙල් වලටත් දෙයියන්ගේ පිහිටයි දැන් (නි)