IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


වෙනිසියුලාවේ බල පෙරළියක්

වෙනිසියුලාවේ ජාතික මැතිවරණයෙන් එරට විපක්ෂ කණ්ඩායම වැඩි ආසන ප්‍රමාණයක් දිනා ඇතැයි එරට පුවත් සේවා අනාවරණය කරයි.

හිටපු ජනපති හියුගෝ චාවේස් 1999 වසරේ සිට පාලනය සිදුකිරීමෙන් පසු වෙනත් පක්ෂයකට බලය ලැබුණු පළමු වතාව මෙය බව කියති. එම්යූඩී පක්ෂය ආසන 99ක් ලබා අතර යුනයිටඩ් සෝෂල් පාර්ටි හෙවත් පී.එස්.යූ.වී පක්ෂය ලබාගෙන ඇත්තේ ආසන 46 ක් පමණි.

විපක්ෂයේ ප්‍රබල ආධාරකරුවකු වන මිරැන්ඩා ප්‍රාන්තයේ ආණ්ඩුකාර හෙන්රික් කැප්රිල්ස් වෙනිසියුලාව ජයගත් බව කියයි. අපි හැමවෙලේම කිව්වා ඔබ සැමට, මෙය නිහතමානීත්වයේ, පරිණත බවේ හා සන්සුන් භාවයේ මාවත බවද ඔහු පවසයි. වෙනිසියුලා වැසියන්ට දීර්ඝායුෂ පතන බවද ඔහු ප්‍රකාශ කොට ඇතැයි  සීඑන්එන් පුවත්සේවය සඳහන් කරයි.

මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් බව එම්යූඩී පක්ෂයේ විධායක ලේකම් ජේසස් ටොරිඅල්බා කියයි.

ජනපති නිකලස් මාදුරෝ තම පරාජය පිළිගනිමින් ප්‍රකාශයක් නිකුත් කර ඇති අතර තමන් පරාජය පිළිගන්නා බවත් නමුත් චාවේස්ගේ සමාජවාදී රාජ්‍යයක් ගොඩනැගීමේ දර්ශනය අත්නොහරින බවටත් පොරොන්දුවී ඇත.

webVenesula_2015127 webVenesula_201512704

 

 

 



අදහස් (0)

වෙනිසියුලාවේ බල පෙරළියක්

ඇසළ Tuesday, 08 December 2015 11:32 AM

ප්‍රසන්න එහේ තෙල් වලට අපේ පොල් වලට දෙවි පිහිටයි. (ර)

:       0       0

තමර Monday, 07 December 2015 03:15 PM

මෙවන් පුවත් ගෙනඑන ලංකාදීපයට තුති! (නි)

:       0       0

බණ්ඩා Monday, 07 December 2015 10:22 AM

දැන් සමාජවාදය කියන එක යල් පැන ගිහින් ... (ම)

:       0       0

ගජේන්ද්‍ර Tuesday, 08 December 2015 06:51 PM

බණ්ඩා,නොදැන කියවන්න එපා. සමාජවාදය කියන්නේ තාමත් සමාජය සම්ප්‍රේෂණය වෙමින් තියෙන අවදියකට. නමුත් පූර්ණ වශයෙන් දැකිය හැකි ආකාරයකට එම පරිවර්තනය සිද්ධවෙලා නැහැ. ඒක නොතේරෙන කට්ටිය සහ නොතේරුනා වගේ කතාකරන අය වැඩියි. (නි)

:       0       0

නාමල් Monday, 07 December 2015 01:31 PM

වෙනිසිලාවේ තිබුනේ ලංකාවේ වගේ බටහිරට බනිමින් හියුගෝ චාවේස් ( සහ ඔහු මියගිය පසු ඔහුගේ සහචරයින් ) ගෙනගිය බටහිරවිරෝධී අර්ධ ඒකාධිපති රජයක්. එය පෙරලුනු එක හොඳයි (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 08 December 2015 01:03 AM

වෙනිසියුලාවේ තෙල් වලටත් දෙයියන්ගේ පිහිටයි දැන් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 512 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site