වෙනිසියුලාවේ ඇමර්සන් පළාතේ ප්‍රධා නගරයේ පිහිටි බන්ධනාගාරයක ඇතිවූ කැරැල්ලක් හේතුවෙන් රැඳවියන් 37දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
ප්‍රචණ්ඩකාරී ක්‍රියා මැඩපැවැත්වීමට යෑමේදී බන්ධනාගාර නිලධාරීන් 14දෙනකු ද තුවාල ලබා ඇත. තත්ත්වය පාලනය කිරීම සඳහා විශේෂ භට කණ්ඩායම් මෙම ප්‍රදේශයට පිටත් කර යවා ඇති බව බලධාරීහු පවසති.
මෙම සිද්ධිය වන අවස්ථාවේ රැඳවියන් 105ක් පමණ බන්ධනාගාරයේ සිටි බවත් මෙය කෘර මනුෂ්‍ය ඝාතනයක් බවත් ප්‍රාන්ත ආණ්ඩුකාර ලිබෝරියෝ ගුවරිල්ලා මහතා පවසා ඇත.
වෙනිසුවේලාවේ බන්ධනාගාර ඉතා අඩු කාර්යමණ්ඩලයක් යටතේ පවත්වාගෙන යන බවත් රැඳවියන් කණ්ඩායම් විසින්ම පාලන කටයුතු මෙහෙයවන බවත් පැවසේ.
(හින්දුස්ථාන් ටයිම්ස් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd