වෙනිසියුලාවේ  ඊසාන දිග සුක්රේ ප්‍රාන්තයේ අගනගරය වන කුමානා හි වෙළඳසල් කොල්ලකමින් උද්ඝෝෂණයේ යෙදුණු 408 දෙනකු අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

සිද්ධියෙන් කිසිවකුට හානි සිදුවී නැති බව සුක්රේ ආණ්ඩුකාර ලුයිස් ඇකූනා පවසයි. නමුත් උද්ඝෝෂකයන් කියනුයේ වෙඩි ප්‍රහාරයකින් එක් අයකු මියගොස් ඇති බවයි. සුපිරි වෙළඳසල්, ඇඳුම් කඩ හා ඇස්කණ්ණාඩි අලෙවිසල් ආදී වෙළඳසල් රැසක්ම කොල්ලකමින් විශාල පිරිසක් බදාදා උද්ඝෝෂණයේ යෙදී ඇතැයිද කියති.

උද්ඝෝෂණයට හේතුව දකුණු ඇමරිකා රාජ්‍යයන්හි ආහාර හිඟතාවය බවද වාර්තාවේ.