වෙනිසියුලාවේ, කැරකස් නුවර පොලීස් නිලධාරීන් සහ සන්නද්ධ පිරිසක් අතර හටගත් ගැටුමකින් 26 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

මියගිය පිරිස අතර සන්නද්ධ සාමාජිකයන් 22 දෙනෙකු සහ පොලිස් නිලධාරින් සිවු දෙනෙකු සිටින බව ද පැවැසෙයි.

ගැටුම් හේතුවෙන් සිවිල් වැසියන් කිහිපදෙනෙකු මියගිය බවත් තවත් 40 දෙනකු තුවාල ලැබූ බවත් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

අවි ගැටුම සිදුවී ඇත්තේ පොලිසිය සිදු කළ වැටලීමක් අතරතුරේය.

(රොයිටර්)