මතභේදාත්මක මැතිවරණයක් පැවැත්වීමත් සමඟ වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ මහතාට එරෙහිව සම්බාධක පැනවීමට ඇමෙරිකාව කටයුතු කර තිබේ.
ඒ අනුව වෙනිසියුලා ජනාධිපතිවරයාට හිමි ඇමෙරිකාවේ තිබෙන වත්කම් අත්හිටුවීමට ද පියවර ගෙන ඇත.
නව සම්බාධකවලට අනුව ඇමෙරිකානු පුද්ගලයන්ට හා සමාගම්වලට වෙනිසියුලා ජනාධිපතිවරයා සමඟ ව්‍යාපාර කිරීම ද තහනම්ය.
දැඩි විරෝධතා හමුවේ ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා නිකොලස් මහතා මැතිවරණයක් කැඳවා තිබූ අතර එම මැතිවරණය ඉරිදා (30) පැවැත්විණි.
මැතිවරණයක් පැවැත්වූයේ විප්ලවයක් සඳහා බවත් එම සම්බාධක අධිරාජ්‍යයක් විසින් පනවන සම්බාධක බවත් ඇමෙරිකාවේ සම්බාධකවලට පිළිතුරු දෙමින් වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ මහතා අවධාරණය කළේය.
වෙනිසියුලා ජනාධිපතිවරයාට අයත් ආයෝජන හෝ වත්කම් ඇමෙරිකාවේ තිබෙන්නේ ද නැතහොත් ඇමෙරිකාව එම වත්කම් අත්හිටුවන බව නිවේදනය කරන ලද්දේ සංඛේතාත්මකව ද යන්න පැහැදිලි නොවීය.
(ඒ.එෆ්.පී/රොයිටර් 055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd