වෙනමම කුර්දි රාජ්‍යයක් පිහිටුවීම සඳහා සහාය දෙන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු මහතා පවසයි.
ඉරාකයේ සිටින කුර්දිවරුන් නිදහස උදෙසා ජනමත විමසුමක් පවත්වන්නැයි ඉල්ලා තිබෙන අවස්ථාවක ඊශ්‍රායල අගමැතිවරයා ඒ බව කීය. කෙසේ නමුත් කුර්දිවරුන්ගේ ඉල්ලීම ඉරාක ආණ්ඩුව ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.
ඊශ්‍රායලය 1960 වසරේ කුර්දිවරුන් සමඟ රහසිගත හමුදා, බුද්ධි සහ ව්‍යාපාරික සබඳතා පැවැත්වූ අතර තමන්ට වෙනම රටක් හිමිවිය යුතු බව නිරන්තරයෙන් පැවසීය. ඉරාකය, තුර්කිය, සිරියාව සහ ඉරානය යන රටවල කුර්දිවරු ජීවත්වෙති.
ඉරාක පාර්ලිමේන්තුව කුර්දිවරුන්ට වෙනමම පාලනයක් ලබා දීම ප්‍රතික්ෂේප කළ ද සැප්තැම්බර් 25 වැනිදා ජනමත විමසුමක් පැවැත්වීම සඳහා කෙසේ හෝ කටයුතු කරන බව ඉරාකයේ කුර්දි නායක මසූද් බර්සානි පැවැසීය.
“ඊශ්‍රායලය කුර්දිවරුන්ට නීත්‍යානුකූල රාජ්‍යයක් ස්ථාපිත කිරීම සඳහා සහාය දෙනවා” යැයි විදෙස් මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් අගමැති බෙන්ජමින් නෙදන්යාහු මහතා කීවේය.
කෙසේ වෙතත් තුර්කිය පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන ‘කුර්දිස්ථාන කම්කරු පක්ෂය’ (පී.කේ.කේ) පක්ෂ ත්‍රස්ත සංවිධානයක් ලෙස සලකන බව ද ඊශ්‍රායල අගමැතිවරයා කීය. තුර්කිය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය ද පී.කේ.කේ පක්ෂය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස සලකයි.
ඊශ්‍රායල අගමැතිවරයා සැප්තැම්බර් 19 වැනිදා එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිය ඇමතීමට නියමිතව තිබේ. එහිදි ඔහු කුර්දි වැසියන්ට සහාය දක්වමින් අදහස් දැක්වීමට නියමිත බව වාර්තා වේ.
(රොයිටර්-055)
2025 නොවැම්බර් මස 04
695
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2366
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1734
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වෙනම රාජ්‍යයකට ඊශ්‍රායල අගමැතිගේ සහය
kumar (Galf) Wednesday, 13 September 2017 12:52 PM
කුර්දිවරුන් ලොව පැරණිම සෙනගක්, ඉරාකයේ මුල්ම පදිංචිකරුවන් කුර්දිවරුන්, ඈත ඉතිහාසයේ ලංකාද්වීපයට පැමිණි කුවෙනිගේ සෙනග කුර්දිවරුන් ගෙන් පැමිණි බවට සාක්ෂි සොයාගෙන තිබෙනවා. ඔවුන් ඉරාකයෙන් දකුණු දෙසට පැමිණ අද ඇති පාකිස්තානය සිට ලංකාවට නැවු නිසා බවයි පවසන්නේ....
sheela Thursday, 14 September 2017 12:11 PM
කොහෙන්ද මල්ලි ඔය තර්ක හොයා ගත්තේ? මොන පොතේද ඕව ලියල තිබ්බේ? මන් දැක්ක තව කවුදෝ කොහේදෝ කියල තියනවා දකුණු ඇමරිකාවේ මියන්වරු සහ ඉන්කා, ඇස්ටෙක් වගේ මිනිසුන් රවන රජ්ජුරුවෝ දඬුමොනරෙන් විසිට් කරයි කියල. කොහේ හරි පුරාජේරු ගහන්න පුළුවන් කතා අපේ අය ගොතන්න හරි සුරයි. කිසිම පදනමක් නැතිව. මල්ලි කියනදෙයක් පදනමක් ඇතිව කියන්න. ඔය ඊජිප්තුවේ පාරාවෝ, මිසරේ, බැබිලෝනියාවේ, රෝමන් කාරයෝ එක්ක එහෙමත් මොකුත් සම්බන්දයක් තිබිල නැතෙයි?
kumar (galf)Thursday, 14 September 2017 08:15 PM
ශීල; හොයල බලල කියවන්න ආචර්ය බණ්ඩාර මහත්තයාගේ "යටගියාවේ යටගිය තැන්" කියන කෘතිය. ඊට අමතරව කුර්දිස් වරුන්ගේ TV විකාශන වලට අහුන්කන්දෙන්න, බලන්න ලංකාවේ සිංහල භාෂාවට සමාන වචන කීයක් උචචාරණය වෙනවාද කියාලා, ලංකාවේ හැරුනාම "බණ්ඩා" කියන වචනය මා අසා තියෙන්නේ කුර්දිස් බාෂාවේ පමනයි. ඒ ඇරත් එම වංශයෙන් පැමිණුන "කුවේනියට" අවසානයේ ගල්ගසා මැරුවේ, ඒ දඬුවම එදා ආසියාවේ වෙනත් රටවල තිබුනේ නෑ, ඒ දඬුවම තිබුනේ බැබිලෝනියාවේ හා මැද පෙරදිග.