පැසිෆික් සාගරයේ පිහිටි කුඩා දූපතක් වන වනුආටු දේශයේ කඳුකර ප්‍රදේශයන් වෙත එන්නත් ප්‍රවාහනය කිරීම සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදාගෙන ඇති බව වාර්තා වේ.
කිලෝමීටර් 40ක් පමණ දුරින් පිහිටි දුෂ්කර කඳුකර පෙදෙසක් වෙත ප්‍රථම එන්නත් තොගය යැවූ බව යුනිසෙෆ් සංවිධානය පවසයි.
ගොඩබිම් මාර්ග ඔස්සේ ගෙන යෑමේදී දිගු කාලයක් ගත වන බැවින් මෙම පියවර ගෙන ඇත.
වනුආටුහි දරුවන්ගෙන් සියයට 25ක් පමණ එන්නත් ප්‍රවාහනයේදී සිදුවන ප්‍රමාදවීම් හේතුවෙන් ගැටලු සහගත තත්ත්වයන්ට මුහුණ දෙන බව පැවසේ
අනාගතයේදී මෙම ක්‍රමය වැඩි දියුණු කර යොදා ගැනීමට බලාපොරොත්තු වන බව ද මෙම කුඩා පියවර ලොව පුරා වෙසෙන්නන්ගේ සෞඛ්‍යාරක්ෂාව කෙරෙහි තැබූ යෝධ පිම්මක් බවත් යුනිසෙෆ් බලධාරීහු පවසති.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd