වසර 20 ක් තිස්සේ දිග්ගැස්සුණු යුද්ධය අවසන් කිරීමට නම්, ඇෆ්ගනිස්තානයෙන් හමුදා ඉවත් කර ගැනීම හැර වෙන විකල්පයක් නොතිබුණු බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ජාතිය අමතමින් පැහැදිලි කළේය.
බයිඩන් මෙසේ ජාතිය ඇමැතුවේ, අවසන් ඇමෙරිකන් සොල්දාදුවන් කණ්ඩායම ද ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමෙන් පසුවය. 'ඇෆ්ගනිස්තානයේ සදාකල් යුද්ධයක පැටලී සිටීම කළ හැකි දෙයක් නොවෙයි. අවසානයක් තිබිය යුතුයි. හමුදා ඉවත් කර ගැනීම හැර වෙන විකල්පයක් තිබුණේ නැහැ. එසේ නොකළා නම්, එය යළි අලුත් යුද්ධයකට මඟ පෑදෙන්න තිබුණා.' යැයි රූපවාහිනියෙන් ජාතිය අමතමින් බයිඩන් කියා සිටියේය.
'අප නේටෝ සාමාජිකයන් ද හවුල් කර ගනිමින්, ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය අරඹමින්. මීට දශකයකට පමණ කලින් අප අපේ අරමුණු ඉටු කර ගත්තා. ඉන්පසු තවත් දශකයක කාලයක් අප ඇෆ්ගනිස්තානයේ රැඳී සිටියා. සදාකල් ඇෆ්ගනිස්තානයේ රැදී සිටින්න අපට විදියක් නැහැ' යැයි බයිඩන් පැහැදිලි කළේය.
'අප වසර 10 ක් තලේබාන් ත්‍රස්තවාදයට එරෙහිව සටන් වැදුණා. ඉන්පසු වසර 10 ක් ඇෆ්ගන් රජයේ ආරක්ෂක අංශ ශක්තිමත් කළා. ආයුද දුන්නා. පුහුණුව දුන්නා. අප විශ්වාස කළා ඔවුන්ට තලේබාන්වරුන් මර්දනය කර ගැනීමට හැකිවේවි. ඒත් ඒ සිතුවිල්ල වැරදි බව පසුව අවබෝධ වුණා' යැයි ඇමෙරිකන් ජනාධිපති බයිඩන් වැඩි දුරටත් කියා සිටියේය.
ඇමෙරිකානු හමුදා ප්‍රමුඛ නේටෝ හමුදා කඩිනමින් ආපසු ගෙන්වා ගැනීම සහ ඇෆ්ගනිස්තානය යළි තලේබාන් ග්‍රහණයට නතුවී ඇෆ්ගන් වැසියන් අමාරුවේ වැටීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව පමණක් නොව ඇමෙරිකන් වැසියන් ද ජනාධිපති ජෝ බයිඩන්ට දොස් නගන බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(රොයිටර්)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
වෙන විකල්පයක් තිබුණේ නෑ - බයිඩන්