ගෙවීමට ඇති විදේශ ණය රුසියානු රූබල් වලින් ගෙවීමට රුසියාව තීරණය කර ඇතැයි, රුසියානු පාර්ලිමේන්තුවේ (ඩුමා සභාව) ප්‍රකාශක යචේස්ලව් වොලොදින් ප්‍රකාශ කළේය.
ඇමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ජැනට් යෙලෙන් රුසියාවට තම විදේශ ණය ඇමෙරිකා එක්සත් ජනපද බැංකු හරහා ඩොලර් වලින් ගෙවීමට අවසර ලබා දී තිබූ බලපත්‍රය කල් ඉකුත් වීමට ඉඩ හැරීමත් සමග රුසියාව මෙම තීරණය ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මෙම බලපත්‍රය ඇමෙරිකානු ඩොලර් වලින් ගෙවිය යුතු යැයි කොන්දේසි දමමින් රුසියාවට ණය සහ බැඳුම්කර ලබාදුන් ඇමෙරිකානු සහ ජාත්‍යන්තර ආයෝජකයින්ට අදාල වේ.රුසියාව ගෙවීමට ඇති විදෙස් ණය රූබල් වලින් ගෙවා පසුව ණය හිමියන්ට එය ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට පර්වර්තනය කර ගැනීමට අවස්ථාවක් ලබා දෙන බව රුසියානු මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කළේය.
කෙසේ නමුත් එසේ පරිවර්තනය කරගැනීමට නිශ්චිත කාල සීමාවක් රුසියානු මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කර නැත.රූබල් මුදල් ඒකකයෙන් විදේශ ණය ගෙවීමේදී,ගිවිසුම් ගත වීමේදී එකඟ වූ කොන්දේසි උල්ලංඝනය වන බැවින් රුසියාව තාක්ෂණිකව විදේශ ණය පැහැර හැරි රටක් බවට පත් වන බව විශ්ලේෂකයෝ පවසති.
රුසියානු අධිරාජ්‍ය බිඳ දමමින් සෝවියට් සංගමය පිහිටවූ 1917 බොල්ෂෙවික් විප්ලවයෙන් පසු රුසියාව විදේශ ණය ගෙවීමක් පැහැර හැර නොමැති බව පැවැසෙයි.90 දශකයේදී ඇති වූ ආසියානු ආර්ථික අර්බුදයේදී රුසියාව දේශීය ණය ගෙවීම පැහැර හැරියත් ජාත්‍යන්තර සහාය ලබාගනිමින් ඉන් ගොඩ ඒමට හැකියාව ලැබුණේය.
“අපට උද්ගත වෙලා තියෙන තත්ත්වය 1998 වසරේ සිදු වූ සිදුවීමට සමාන කිරීමට කිසිසේත් හැකියාවක් නැහැ.1998 අපිට අපේ ණය ගෙවාගැනීමට ක්‍රමයක් තිබුණේ නැහැ.අපිට දැන් සල්ලි තියෙනවා, අපි මුදල් ගෙවන්නත් කැමතියි.මෙම අවස්ථාව රුසියානු විරෝධී රටවල් වලින් කෘතිමව ඇතිකරන ලද්දක් මින් රුසියානුවන්ගේ ජීවිත වලට කිසිම වෙනසක් වෙන්නේ නැහැ” රුසියානු මුදල් අමාත්‍ය ඇන්ටන් සිලුවානොව් ප්‍රකාශකයක් නිකුත් කරමින් පැවසුවේය.
පෙබරවාරි 24 වෙනි දින රුසියානු හමුදා යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමග මේ දක්වා ගෙවීමට තිබූ සියලුම ගෙවීම් නියමිත වෙලාවට සිදු කල අතර 27 වැනිදා රුසියාවට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 100 විදෙස් ණය ගෙවීම් තිබෙන අතර මේ වසර අවසාන වීමට පෙර ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන දෙකක් වටිනා බාහිර බැඳුම්කර ගෙවීම් සිදු කිරීමට නියමිතව ඇත.
රුසියානු හමුදා යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමග ඇමෙරිකා එක්සත් ජනපදය සහ මිත්‍ර රටවල් රුසියාවට සම්බාධක පැනවූ අතර රුසියාවේ විදේශ ණය ඇමෙරිකානු බැංකු මගින් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මුදල් ඒකකය මගින් ගෙවීමට ලබා දී තිබූ බලපත්‍රය නැවත අලුත් නොකර කල් ඉකුත් වීමට ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව ඉඩහැරීම පැනවූ සම්බාධක වල තිබු හිඩැසක් වැසීමක් බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
532
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1688
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විදෙස් ණය රූබල්වලින් ගෙවන්න රුසියාව තීරණය කරයි