මූල්‍ය ක්ෂේත්‍රය විදෙස් ආයෝජනවලට විවෘත කිරීම සඳහා චීන මහ බැංකුව අද (11) ක්‍රියාමාර්ග රැසක් අනාවරණය කළ බව ‘සවුත් චයිනා මෝනිං පෝස්ට්’ පුවත් පත වාර්තා කරයි.

චීන ජනාධිපති ෂී ජින්පින්ග් ‘බෝආඕ’ සමුළුව අමතමින් තම ආර්ථිකය තවදුරටත් විවෘත කරන බව ප්‍රකාශ කිරීමෙන් දිනකට පසු චීන මහ බැංකුව මෙම පියවර නිවේදනය කර තිබේ.

නව නීතිරීති සහ ක්‍රියාමාර්ග අනුව බැංකුවල විදේශීය හිමිකාරීත්වයට පනවා තිබු සීමා ද ඉවත් කෙරෙනු ඇතැයි පැවසේ. චීනය තම ආර්ථිකය විවෘත ආර්ථිකයක් බවට පෙන්නුම් කිරීමට උත්සහ කරන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ වෙළෙඳ යුද්ධයක් ඇති වීමේ අවදානමකට මුහුණ දී සිටින අවස්ථාවකදීය. නිදහස් වෙළෙඳාමත් ගෝලීයකරණයටත් මුහුණ දීම උදෙසා චීනය මෙලෙස ඔවුන්ගේ ආර්ථිකය විවෘත කරමින් සිටී.

නව පියවර නිවේදනය කරන ලද්දේ චීන මහ බැංකුවේ නව අධිපති යී ගැන්ග්ය. චීනයේ හයිනන් පළාතේ පැවැත්වෙන බෝආඕ සමුළුවේදීම හෙතෙම එම නව පියවර නිවේදනය කළේය.    

055