කටාර් රාජ්‍යයේ රැකියාවක් සදහා පිටත්ව ගොස් එහිදී කිසිදු තොරතුරක් නොමැති ශ්‍රි ලාංකික කාන්තාවක්  පිළිබඳව සොයා ගැනීමට  ශ්‍රී  ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගේ සහය අපේක්ෂා කරයි.
 
මෙසේ තොරතුරු අවශ්‍යව ඇත්තේ පොළොන්නරුව, කාලින්ගල, දිවුලන, අංක 52 ලිපිනයේ පදිංචිව සිටි නූරා ඊබ්‍රාහිම් නම්  කාන්තවකගේය.
 
ඇය 2011.05.16 දින කටාර් බලා පිටත්ව ගොස් ඇති අතර, පසුව ඇය ඊජිප්තුව බලා ගොස් තිබේ. ඉන් පසුව ඇය පිළිබඳව කිසිදු තොරතුරක් සොයාගත නොහැකි වී තිබේ.
 
මැය  පිළිබදව තොරතුරු දන්නා අයෙක් වේ නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමථ III අංශයේ 0112- 864136 යන දුරකතන අංකය වෙත දැනුම් දෙන ලෙස  කාර්යාංශය ඉල්ලා සිටී.

 

(36698)