IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


විදුලි සෝපානයේ වැසිකිළි හදන්න යයි

නිතර ඇතිවන භූකම්පනයන් නිසා ක්‍රියා විරහිතවීමේ ඉඩ ඇති විදුලි සෝපාන වල සිරවන පුද්ගලයින් හට පහසුවක් වන ලෙස එවන් සෝපාන වල වැසිකිළි පහසුකම් ඇතිකිරීමට ජපාන බළධාරීන්ගේ අවධානය යොමුව තිබේ.

බළධාරීන් මෙවන් තීරණයක් ක්‍රියාත්මක කිරීම සදහා කරුණු විමසා බලමින් සිටින්නේ පසුගියදා රිච්ටර් මාපකයේ 7.8 ක භූකම්පනයකට මුහුණදුන් අවස්ථාවේදී ක්‍රියාවිරහිතව ගිය විදුලි සෝපාන වල සිරවූ දුසිම් ගණනක් පුද්ගලයින් දිවිගලවාගැනීමෙන් පසුව දැක්වූ අදහස් නිසාය.

මෙම වැසිකිළි සාමාන්‍ය වැසිකිළි ආකාරයට හෝ ජල අවශෝෂක බෑගයන්, මල අපද්‍රව්‍ය බැහැරකිරීම සදහා සකස් කරන ලද විශෙAෂ කුටීරයන් ලෙස සකස් කෙරෙනු ඇතැයි සදහන්ය.

දැනට සිදුකර ඇති පර්යේෂණ වලින් එළැඹෙන වසර කිහිපයේදී ජපානයට තවත් ප්‍රබල භූකම්පනයකට මුහුණදීමට සිදුවනු ඇතැයි අනාවරණයව තිඛෙන අතර ඉන් වඩාත් හානි පැමිණෙනු ඇතැයි පැවසෙන්නේ ටෝකියෝ අගනුවරටය.

ටෝකියෝ අගනුවර විදුලි සෝපාන ක්‍රියාවිරහිතවීම යනු පුද්ගලයින් 17000 කට ආසන්න පිරිසක් අතරමන්වීම යැයි පෙන්වාදෙන ජපාන බලධරයෝ දිවිගලවාගැනීමේ කටයුතු දියත් කරනතෙක් එම පුද්ගලයින්ට හැකි අයුරින් පහසුකම් සළසා තිබීම වැදගත් බව පවසති.

073DB00A00000514-3109592-Necessary_Japan_is_looking_into_installing_toilets_and_emergency-a-32_1433348936711 295473FB00000578-0-image-a-17_1433348598128 295473FF00000578-0-With_fires_and_destruction_all_around_him_a_man_picks_his_way_ca-a-18_1433348625889



අදහස් (0)

විදුලි සෝපානයේ වැසිකිළි හදන්න යයි

ගමගේ ජපානය Friday, 05 June 2015 02:07 PM

මාටින් මහතාගේත්, සුදේශ් මහතාගේත් අදහස් බොහොම හොඳයි. නමුත් භුමිකම්පාව කියන්නේ විහිලු දෙයක් නොවෙයි. ජපානයේ දිනපතාම වාගේ ලොකු කුඩා භූමිකම්පා ඇතිවෙනවා.මෙහි ජීවත්වන අපිද කුමන පහසුකම් තිබුනත් කුඩා සෙළවීමක් ඇතිවූ විට පවා ලොකු චකිතයක් ඇතිවෙනවා. දකුණු ප්‍රදේශයේ "කාගෝශිමා ප්‍රාන්තයේ " කුඩා දුපතක දැනටමත් ගිනිකන්දක් පුපුරා දුම් දමමින් තිබෙනවා. දුපතේ සියලු වැසියන් අවට දුපතකට රැගෙනයාම සිදුකෙරුණා. මෙවැනි ආපදා නිතරම සිදුවෙන නිසා ඒවාට මුහුණදීම පිණිස ජපන් රජය හා ආපදා කළමනාකරණ අංශ මඟින් විවිධ ප්‍රතිකර්ම යොදමින් සිටිනවා. මෙම පුවතද එවැනි දෙයකි. මෙවර නේපාලයේ විශාල භුමිකම්පාව වගේ දෙයක් ශ්‍රී ලංකාවේ ඇතිවුවහොත් විශාල විනාශයක් ඇතිවෙන බව කිවයුතුයි. වෙනත් රටවල මෙවැනි අත්දැකීම් පිළිබඳව මොහොතකට හෝ අවධානය යොමුකිරීමට සිතා ගතහොත් බොහෝ අගනේ යැයි කිවහැකියි. (නි)

:       0       0

මාටින් Thursday, 04 June 2015 09:03 AM

වැසිකිලි හදන්න කලින් සෝපාන ඇතුලේ ආපන ශාලා හදන්න පරියේෂණ කලොත් නරකද ? මොනවා කරන්නත් කාල ඉන්න එපැයි (කේ)

:       0       0

විරාජ් Friday, 05 June 2015 11:41 AM

බලන්න ජපන් මිනිස්සුන්ගේ ආකල්ප වල වෙනස, එ්කට අපි (නදී)

:       0       0

දුමින්ද Saturday, 06 June 2015 03:53 AM

භූ පැළුමක පිහිටි නිසා අපිත් සුනාමිය එනතෙක් වගේ නොසිට-පෙර සූදානම කරමු අද සිට (නි)

:       0       0

සුදේශ් Friday, 05 June 2015 04:53 AM

මරණ බිය දැනුනම කන්න ඕනෑ නැහැ. ඒක නිකන්ම සිදුවෙනවා මාටින්. අපේ අයට නම් කොතන ගියත් කන්න තමයි. (නි)

:       0       0

ජයසිරි Friday, 05 June 2015 01:41 PM

අහස උසට ගොඩනැගිලි හදනවා වෙනුවට භූමිකම්පා වලට ඔරොත්තුදීමේ තාක්ෂණය වැඩිදියුණු කළොත් හොඳ බවයි මට නම් හිතෙන්නෙ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 470 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2219 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1669 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site