විදුලි බලයෙන් ධාවනය කෙරෙන මෝටර් රථ වල විදුලි කෝෂ ගමනේ යෙදී සිටියදීම ආරෝපණය කැරෙන ක‍්‍රමයක් අත්හදා බැලීමට බි‍්‍රතාන්‍යය විද්‍යාඥයෝ පිරිසක් සැරසෙති.
විදුලි බලයෙන් ධාවනය කෙරෙන මෝටර් රථ වල ප‍්‍රධාන ගැටලූව වන්නේ එහි ඇති විදුලි කෝෂ ක්ෂය වූ පසු නැවත ආරෝපණය කිරීමට වෙනම කාලයක් වැය කිරීමට සිදුවීමය. එසේ ආරෝපණය කෙරෙන විටදී මෝටර් රථය ධාවනය කිරීමටද නොහැකි.
නමුත් මෙම නම ක‍්‍රමය ආධාරයෙන් ධාවනයේ දීම විදුලි කෝෂ ආරෝපණය කළ හැකිවනු ඇතැයි විද්‍යාඥයෝ පිරිස පවසති.
මෙහිදී යොදාගැනීමට අපේක්ෂා කෙරෙන්නේ රැහැන් රහිත තාක්ෂණය ආධාරයෙන් විදුලිය මෝටර් රථය වෙත ලබාදෙන ක‍්‍රමයකි. මහාමාර්ග යටින් සිවිකෙරෙන විදුලි බල සැපයුම් උපාංගයන් මේ සදහා භාවිතයට ගැනේ .රියැදුරුට අවශ්‍ය වූ විටෙකදී කරන්නට ඇත්තේ මෝටර් රථයේ පාලන පුවරුවෙන් ආරෝපණය කිරීමට විධානය ලබාදීම වන අතර එවිට මෙම විදුලි බල සැපයුම් උපාංගයන් හා රැහැන් රහිත තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වන මෝටර් රථය එහි තිබෙන විදුලි කෝෂ ආරෝපණය කරගැනීමට පටන් ගනී.
පර්යේෂණ මට්ටමින් දියත් කෙරුණු අත්හදා බැලීම් සාර්ථක වීම නිසා දැන් විද්‍යාඥ පිරිස සැරසෙන්නේ සාමාන්‍ය මහාමාර්ගයක මෙම ක‍්‍රමවේදය කි‍්‍රයාවට නැංවීමටය.
ඔවුන්ගේ අත්හදා බැලීම් සාර්ථක වුවහොත් වහාම මෙම ක‍්‍රමවේදය බි‍්‍රතාන්‍යයේ ප‍්‍රධාන මංමාවත් වලට හදුන්වාදෙන බව එරට බළධරයින් සඳහන් කර තිබේ.
![1B4BBD3E000005DC-0-image-m-35_1439335441750[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/1B4BBD3E000005DC-0-image-m-35_14393354417501.jpg)
![20D2033600000578-0-image-a-36_1439335497043[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/20D2033600000578-0-image-a-36_14393354970431.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකය ඉදිරියට යනවා. අපේ සමහර අය වැඩවසම් යුගයක් හොයනවා. (නි)
ජෝසප් කියන්නේ "ට්‍රොලි බස්" සේවය නේද? ඒක පැරණි ක්‍රමයක්. ට්‍රොලි බස් වලට විදුලිය රැහන් මගින් සපයන්න ඕනි. මේ කියන්නේ චාර්ජබල් බැටරි පද්දතියකින් ක්‍රියාකරන රථයක් සම්බන්දවයි.(නදී)
අපි පාසල් යන කාලේ 1960 ගණන් වල, ඕනෑතරම් විදුලියෙන් දුවන බස් රථ ලංකාවේ තිබුණා. (නි)
අනාගත ලොවට බලශක්තිය පිවිසුමක් (නදී)
අපි ලෝකේ දිහා නිර්මාණශීලීව බලන්න ඕන. එතකොට අලුත් දේවල් අපටත් කරන්න පුළුවන් නේද නදී ....(බ)
විකල්ප බලශක්තීන් කෙසේවෙතත්, නව නිපැයුම් කෙසේවෙතත් අපේ අය අන්න පිටකොටුව දෙකක් වෙන්න බෙරිහන් දෙනවා පුද්ගලික විශ්ව විද්‍යාල වහන්න කියලා. (නි)
දැනටම දකුණු කොරියාවේ පාරේ යනකොට බැටරිය චාජ්වෙන බස් සේවයක් තියනවා (නි)
මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් ලංකාවේ තෙල් හොයාගත්ත නිසා. (අ)
මේක විකල්ප බලශක්තියක් නොවී තියෙන එකම ට්‍රාන්ස්මිට් කරන ක්‍රමයක් විතරයි. එ්ත් මේක පාවිච්චි කරන්න මාර්ගත් වෙනමම හදන්න වෙනවා ලංකාවට තව අවුරුදු 50ක් වත් යයි මේ වැඩේට (බ)
මීට වඩා හොඳ හොඳ වැඩ ද ඉස්සරහට බලාගන්න පුළුවනි. තෙල් ලෝකයේ කඩාවැටීම පටන් අරගෙන ඉදිරියට කාන්දම් බලයෙන් හැම වැඩක්ම කරන්නට පුවන් වේවි. ලෝකය තවත් පිරිසිදු වේවී. (නදී)