‘නගරයක් ඇතුලේ නගරයක්‘ තැනීමට ඩුබායි බලධාරීහු සැළසුම් සකස් කරමින් සිටිති.

මෙම නගරය සම්පූර්ණයෙන්ම වීදුරු ආවරණයක් යට පිහිටැවෙන අතර එහි ලොව විශාලතම වෙළද සංකීර්ණයද ඉදි කිරීමට නියමිතය.

ඊට අමතරව හෝටල 100 කට ආසන්න සංඛ්‍යාවක්, සිනමා ශාලා,උද්‍යාන,අවන්හල්,විනෝද මධ්‍යස්ථාන ආදී පහසුකම්ද මේ නගරය ඇතුළත ඉදිකෙරෙන නගරයේ ඇති කෙරෙනු ඇත.

මෙම ඉදිකිරීම් වර්ග අඩි ලක්ෂ 480 ක වපසරියක් පුරා පැතිරේ.

ඩුබායිහි ඇතැම් කාලයන්හිදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ක පමණ ඉහළකට නගී.එනිසා මෙම මුළු නගරයේම උෂ්ණත්වය අවැසි පරිදි එකවර පාලනය කිරීමේ පහසුකම්ද ඇති කෙරෙනු ඇතැයි සදහන්ය.

මෙය ඉදිකිරීමේ අරමුණ වසර පුරාවටම ඩුබායි නගරයට සංචාරකයින් අද්දවාගැනීම බව බළධාරීහු කියති.

ඊට අමතරව මැදපෙරදිග කලාපයේ සංස්කෘතිකමය හා ආර්ථිකමය මධ්‍යස්ථානයක් බවටත් ඩුබායි පත් කිරීමද මෙයින් අපේක්ෂා කැරෙයි.