IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


විද්‍යාඥයෝ ඇන්ටාක්ටිකාවේ හිරවෙති

ඇන්ටාක්ටිකාවේ පිහිටි හැලේ පර්යේෂණ මධ්‍යස්ථානයේ විදුලිය බිඳ වැටීමෙන් එහි සිටින විද්‍යාඥයන් 13 දෙනෙක් දැඩි පීඩා විඳති. ඇන්ටාක්ටිකාවේ උෂ්ණත්වය මේ දිනවල සෙල්සියස් අංශක සෘණ 55 දක්වා පහළ වැටී ඇත. මෑත ඉතිහාසයේ වාර්තාවූ අඩුම උෂ්ණත්වය මෙයයි. බ්‍රිතාන්‍ය ඇන්ටාක්ටික් පර්යේෂණ මධ්‍යස්ථානය පවසන්නේ තත්ත්වය නරක අතට හැරරෙමින් තිබෙන බවයි. කෙසේ වෙතත් කාලගුණය ද අයහපත් බැවින් මුදවාගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට ද නොහැකි වී ඇත.

හිරවි සිටින විද්‍යාඥයන් අතර බ්‍රිතාන්‍ය ජාතිකයන් 10ක්, ස්කොට්,රොමේනියානු හා පොලිෂ් ජාතිකයන් එක් අයකු බැගින් සිටින සිටිති.

සතියක පමණ කාලයක සිට මෙලෙස විදුලිය බැඳ වැටිම් සිදුව ඇතැත් එවා පිළිසකර කැර නැත. යම් තරමකින් උණුසුම ඇති ගරාජයක විද්‍යාඥයන් පිරිස සේවකයන් සමග සිටින බව දැනගන්නට ඇත.

තමන් පත්ව ඇති ආපදා තත්ත්වය ගැන නොසළකා විද්‍යාඥයන් ප්‍රබෝධයෙන් හා උද්යෝගයකින් පසුවන බව ඔවුන් එවූ ට්විටර් පණිවිඩයක සටහන් වේ.

‘‘අප හොඳ සෞඛ්‍යෙයන් හා ආත්ම විශ්වාසයකින් පසුවෙනවා. එසේ ම මධ්‍යස්ථානය නැවත යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතුවල අවිවේකීව යෙදෙනවා. අපට අන්තර්ජාල පහසුකම් තිබෙනවා නම් තේ සහ ලොකු කේතලයක් හැර වෙන කිසිවක් අපට අවශ්‍ය නැහැ.“

විද්‍යාඥයන් පවසා ඇත්තේ මේ මධ්‍යස්ථානයේ තාක්ෂණික කටයුතු සම්බන්ධව ක්‍රියා කිරීමට කිසිවෙකුත් නැති බවයි. විද්‍යාඥයන්ට කිසිවක් කරකියාගත නොහැක. ඔවුන් කියා ඇත්තේ නටන වතුර කෝප්පයක් එළියට විසිකරන විට එය බිම පතිත වන්නේ අයිස් කුට්ටිබවට පත්වී බවයි.

බ්‍රිතාන්‍ය ඇන්ටාක්ටිකා මධ්‍යස්ථානය පවසන්නේ ඔවුන්ට ජීවිත අවධානමක් නොමැති බවයි. ග්‍රීස්ම සෘතුවේ ප්‍රයෝජනයට ගන්නා අමතර කාමර කිහිපයක් මේ මධ්‍යස්ථානය සතුව තිබේ. සාමාන්‍යයෙන් වසා දමා තිබෙන ඒවා ප්‍රයෝජනයට ගතහැකි තරම් උණුසුම්ව පවතී. ඉස්තරම් කාමර නොවූව ද ආරක්ෂා සහිත බවත් බ්‍රිතාන්‍යය පවසයි.

1950 වර්ෂයේ සිට ඇන්ටාක්ටිකාවේ පර්යේෂණ සඳහා මේ ස්ථානය ප්‍රයෝජනයට ගන්නා අතර මේ මධ්‍යස්ථානය ඉදිකැර ඇත්තේ වසර දෙකකට පෙරාතුවය.

antarctica (4) antarctica (2) antarctica (1)

 



අදහස් (0)

විද්‍යාඥයෝ ඇන්ටාක්ටිකාවේ හිරවෙති

ජයත් Saturday, 09 August 2014 03:57 PM

මීට හුඟක් සමානම සිදුවීමක් ආතර් සී ක්ලාර්ක් ගේ පොතකත් තියනවා සඳ ගවේෂණයට යන යානයකත් විදුලිය විසන්දිවෙලා ඔක්කොම ඇතුලේ හිරවෙනවා නමුත් පස්සේ එයාල ජයගන්නවා (අ)

:       0       0

සෑම් Saturday, 09 August 2014 03:07 AM

වසර 10-15 කට පෙර ඇමරිකානු ගවේෂක කණ්ඩායමේ දොස්තරට පියයුරු පිළිකාවක් කියලා සැකයක් අත්වුණේ ශීත ඍතුව ආරම්භ වෙන කිට්ටුවමයි.. අඩුම තරමෙන් හත් අට මාසයක් වත් ගතවෙනකම් කාටවත් යන්න එන්න බැරිනිසා මැමෝග්රෑම් මැෂිමක් නවසීලන්ත ගුවන් හමුදාවෙන් ගිහිල්ලා පැරචුට් එකකින් අතහැරියා. මැෂිම බිම වැටිලා කැඩිලා ගියා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 373 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2166 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1643 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site