මෙවර වෛද්‍ය විද්‍යාව සඳහා පිරිනැමෙන නොබෙල් ත්‍යාගය දිනාගැනීමට ඇමෙරිකානු ජාතික විද්‍යාඥයෝ දෙදෙනක් සහ බ්‍රිතාන්‍ය ජාතික විද්‍යාඥයෙක් සමත්වූහ.
හෙපටයිටිස් සී වයිරසය හඳුනාගැනීම වෙනුවෙන් කළ සේවය වෙනුවෙන් ඔවුන්ට එලෙස වෛද්‍ය විද්‍යාව සඳහා පිරිනැමෙන නොබෙල් ත්‍යාගය පිරිනැමුණි.
ඒ අනුව විද්‍යාඥයන් වන හාර්වි අල්ටර්, චාර්ල්ස් රයිස් සහ බ්‍රිටන් මයිකල් යන මහත්වරුන්ට මෙලෙස නොබෙල් වෛද්‍ය විද්‍යා ත්‍යාගයෙන් පිදුම් ලැබූහ.
‘‘ඔවුන්ගේ සොයාගැනීම්වලට පෙර හෙපටයිටිස් ඒ සහ බී සොයාගැනීම ද තීරණාත්මක පියවරක්’’ යැයි මෙවර නොබෙල් ත්‍යාගලාභීන් නිවේදනය කරමින් නොබෙල් කමිටුව සඳහන් කළේය.
නොබෙල් ත්‍යාගයට අමතරව ඔවුන් තිදෙනා අතරේ ස්වීඩන ක්‍රවුන් මිලියන දහයක් (ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 1.1ක්) බෙදී යයි.
සැලසුම් කළ පරිදි නොබෙල් ත්‍යාග පිරිනැමීම ආරම්භ වුණ ද නව කොරෝනා වයිරස වසංගතයෙන් ඊට ද බලපෑම් එල්ල විය.
ඔක්තෝබර් මාසයේදී නොබෙල් ත්‍යාග පිරිනැමීමෙන් අනතුරුව දෙසැම්බර් මාසයේදී විශේෂ උත්සවයක් පැවැත්වේ. මෙය සාම්ප්‍රදායික උත්සවයක් වන අතර මෙම උත්සවය නොබෙල් ත්‍යාගය ප්රදානයේ ක්‍රියාවලියේ ප්‍රධානම අංගය වේ.
නොබෙල් ත්‍යාග, පදක්කම් සහ ඩිප්ලෝමා ප්රදානය වෙනුවෙන් මෙවර කිසිදු උත්සවයක් ස්ටොක්හෝම්හිදි නොපැවැත්වෙන අතර ඒවා සංකේතවත් කරමින් විඩියෝ තාක්ෂණය ඔස්සේ උත්සව පැවැත්වෙනු ඇත.
ලබන වසර (2021) වනවිට නව කොරෝනා වයිරස වසංගතය පාලනය වී ඇතැයි සලකා ලබන වසරේ පැවැත්වෙන උත්සවයට සහභාගී වන්නැයි මෙවර සම්මානලාභීන්ට දැනටමත් ආරාධනා කර ඇතැයි වාර්තා වේ.
නොබෙල් ත්‍යාග පිරිනැමීම ආරම්භ වූයේ 1901 වසරේදී ය. මුලින්ම නොබෙල් ත්‍යාගයක් පිරිනැමුණේ වෛද්‍ය විද්‍යා අංශයෙනි. ඉන් අනතුරුව විද්‍යාව, සාමය සහ සාහිත්‍ය යන අංශවලින් සුවිශේෂී ජයග්‍රහණය ලැබූවන්ට වාර්ෂිකව මෙම සම්මාන පිරිනැමුණි.
ස්වීඩන ජාතික නවෝත්පාදකයකු සහ ව්‍යාපාරිකයකු වන ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ වුවමනාව මත නොබෙල් ත්‍යාග පිරිනැමීම ආරම්භ විය.
රොයිටර්
055
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
වෛද්‍ය විද්‍යාවට අදාළ නොබෙල් ත්‍යාගය විද්‍යාඥයන් තිදෙනකුට