බ්‍රිතාන්‍යයේ වෙසෙන ඇමරිකානු සම්බවයක් ඇති මහාචාර්ය ජෝන් ඔකෙෆී සමග නොර්වේජියානුවන්වන මේ බ්‍රිට් සහ එඩ්වර්ඩ් මෝසර් වෛද්‍ය විද්‍යාව පිලිබඳ 2014 නොබෙල් ත්‍යාගයට හිමිකම් කියති. ආඝාතයත් ඇල්ෂයිමර් තත්ත්වයේත් බ ලපෑමෙන් මිනිස් මොළයේ යාන්ත්‍රණය බිඳවැටීම ගැන හෙලිකිරීම සම්බන්ධයෙන් ඔවුන්ට මේ ත්‍යාගය පිරිනමා ඇත

යම් පුද්ගලයකු තමන් අවට පරිසරය හඳුනාගැනීම ඒ අවට පරිසරයේ සිතියමක් නිර්මාණය කැර සිහි තබා ගැනීම. සංකීර්ණ පරිසරයක ගමන් මාර්ගය තීරණය කිරීම ගැන වැදගත් තොරතුරු රැසක් මොවුන් පරික්ෂණ මගින් හෙළිකැරගෙන තිබිණි.

සංකීර්ණ හා කලබලකාරී පරිසරයක ගමන් මාර්ගය නිර්මාණය කරගන්නේ කෙසේ ද යන්න සොයා ගැනීමට විද්‍යාඥයින් හා දර්ශනවාදීන් විසින් සියවස් ගණනාවක් විසඳාගත නොහැකිව තිබූ ගැටලුවට ඔවුන්ගේ පරීක්ෂණයෙන් නිශ්චිත පිළිතුරැ ලැබී තිබිණි.

කැරොලින්ස්කා හි ස්නායු විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය සහ නොබෙල් ත්‍යාග කමිටුවේ සාමාජික ඔලේ කයින් පැවසුවේ මෙම ත්‍යාග ලාභී විද්‍යාඥයින් තිදෙනා ඇතුලත ගෝලීය ස්ථානීය ක්‍රමවේදය (inner global positioning system ) මගින් අප කොහේ සිටිනවාද අපගේ ගමන් මාර්ගය සොයා ගන්නේ කෙසේද යන්න පිලිබඳව දැනගැනීමට ඇති හැකියාව  සොයාගෙන ඇති බවයි.

නොබෙල් ත්‍යාගය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් ලක්ෂ 11 ක ත්‍යාගයක් ලබාදීමට නියමිතය.