වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය දිනා ගැනීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාන විද්‍යාඥයන් තිදෙනකු සමත්ව තිබේ.
බොහෝ ජීවි දෑ වල නින්ද-අවදි වීම යන චක්‍රය පාලනය කරන ‘ජෛව ඔරලෝසු’ සම්බන්ධයෙන් කරන ලද සොයාගැනීම්, පර්යේෂණ ආදිය සම්බන්ධයෙන් ජෙෆ්රි සී. හෝල්(72), මයිකල් රොස්බෑෂ් (73) සහ මයිකල් ඩබ්. යන්ග්(68) යන ජාන විද්‍යාඥයන්ට වෛද්‍ය විද්‍යාව සඳහා පිරිනැමෙන නොබෙල් ත්‍යාගය හිමි වන බව නොබෙල් සභාව නිවේදනය කළේය.
ඔරලෝසුවක් ස්ථාපිත කිරීමේදි ජාන කරන කාර්ය සොයා ගැනීමට ජෙෆ්රි සී. හෝල්, මයිකල් රොස්බෑෂ් සහ මයිකල් ඩබ්. යන්ග් යන ජාන විද්‍යාඥයන් තිදෙනා සමත් වූ බවත් එමගින් නින්ද, ආහාර රටා, හෝර්මෝන සහ ශරීර උෂ්ණත්වය නියාමනය කරන බවත් නොබෙල් සභාව ප්‍රකාශ කළේය.
වෛද්‍ය විද්‍යාවට හිමි නොබෙල් ත්‍යාගය දිනාගත් ජාන විද්‍යාඥයන්ගේ සොයාගැනීම්වලින් ශාක, සත්වයන් හා මනුෂ්‍යයන් ඔවුන්ගේ ජෛව රිද්මයට හැඩ ගැසෙන ආකාරය සහ පෘථවියේ පරිභ්‍රමණය සමඟ සමමුහුර්ත වන ආකාරය පැහැදිලි කර තිබෙන බව එම සභාව තවදුරටත් කීවේය.
වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාග මුදල වන ස්වීඩන ක්‍රෝනෝර් මිලියන 9 (එක්සත් ජනපද ඩොලර් මිලියන 1.1) ඔවුන් තිදෙනා අතරේ සම සමව බෙදී යයි. එමෙන්ම නම සඳහන් කරන ලද නොබෙල් පදක්කමක් ඔවුන් තිදෙනාට හිමි වේ.
(ඒ.එෆ්.පී-055)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් එහෙම පස්සට යන අය නොවෙයි. අපේ දොස්තර මහත්වරු ලෝකයේ වැඩිම වර්ජන කිරීම හේතුවෙන් නොබෙල් ත්‍යාගය දිනා ගන්න ඉඩ තියෙනවා.
ඔන්න එකටත් බනින්නේ ලංකාවේ වෛද්‍යවරුන්ට. ඔය සම්මානය අපේ රටට ලැබුනත් ඉතින් කියයි 'වැඩ වර්ජනය නොකරපු දොස්තරලට මේක ලැබුනා' කියල.