චීනයේ යන්ග්ට්ස් ගංගාවට සම්බන්ධ හුබෙයි ඇලේ ජලය තත්වය පරික්ෂාකරමින් ටග් යාත්‍රාවක ගමන් ගත් පුද්ගලයින් 25 දෙනෙකුගෙන් යුත් කංඩාමක් සමග එම ටග් යාත්‍රාව  පෙරැළී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

නැගෙනහිර චීනයේ ජිඇන්ග්ෂු සමුද්‍ර පරිපාලන ඒකකය ද එය සනාථ කර තිබේ. අනතුරට පත්වන විට මෙම යාත්‍රාවේ චීනජාතිකයන්ට අමතරව විදේශිකයන් අට දෙනකු ද සිටි බව වාර්තාවේ. ඉන් හතරදෙනකු සිංගප්පූරු ජාතිකයන්ය. ඉන්දුනීසියානු ජාතිකයෙක්, මැලේසියානුවෙක් හා ඉන්දීය ජාතිකයකු ද ජපන් ජාතිකයකු ද ඒ අතර සිටි බව සමුද්‍ර පරිපාලන ඒකකය පවසයි. චීන ජාතිකයන් තිදෙනෙකුගේ ජීවිත ගලවා ගැනීමට හැකියාව ලැබී ඇත.

දැඩි දියවැල් තත්වය සහ සීතල ජලකඳ හේතුවෙන් මෙහෙයුම් කටයුතු අඩපණ වී ඇති බව ගලවා ගැනීමේ කංඩායම් පවසයි.

යාත්‍රා 23 ක් සමග දොඹකර යාත්‍රාවක්ද ගලවා ගැනීමේ මෙහෙයුම් වල යොදවා තිබේ.

ජීවිතය බේරාගත් භාෂාපරිවර්තකයා වන වැන්ග් චින්කායි පැවසුවේ ජපාන ජාතික ඉංජිනේරුවෙකුගේ ජීවිතය බේරා ගැනීම සඳහා එම ඉංජිනේරුවාගේ ශරිරයෙන් අල්වා ගත් නමුත් දියවැල් ස්වභාවය හේතුවෙන් ඔහුව අතහැරුණු බවයි. දෙදෙනෙක් පමණක් නියමු කුටිය තුල සිට ඇත. යාත්‍රාව ගමන්කැර ඇත්තේ එයට ගමන් කිරීමට නියමිතව තිබූ මාර්ගයේ නොවන බව ද මේ වනවිට හෙළි වී ඇත.