චීනයේ යන්ග්ට්ස් ගංගාවට සම්බන්ධ හුබෙයි ඇලේ ජලය තත්වය පරික්ෂාකරමින් ටග් යාත්‍රාවක ගමන් ගත් පුද්ගලයින් 25 දෙනෙකුගෙන් යුත් කංඩාමක් සමග එම ටග් යාත්‍රාව පෙරැළී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.
නැගෙනහිර චීනයේ ජිඇන්ග්ෂු සමුද්‍ර පරිපාලන ඒකකය ද එය සනාථ කර තිබේ. අනතුරට පත්වන විට මෙම යාත්‍රාවේ චීනජාතිකයන්ට අමතරව විදේශිකයන් අට දෙනකු ද සිටි බව වාර්තාවේ. ඉන් හතරදෙනකු සිංගප්පූරු ජාතිකයන්ය. ඉන්දුනීසියානු ජාතිකයෙක්, මැලේසියානුවෙක් හා ඉන්දීය ජාතිකයකු ද ජපන් ජාතිකයකු ද ඒ අතර සිටි බව සමුද්‍ර පරිපාලන ඒකකය පවසයි. චීන ජාතිකයන් තිදෙනෙකුගේ ජීවිත ගලවා ගැනීමට හැකියාව ලැබී ඇත.
දැඩි දියවැල් තත්වය සහ සීතල ජලකඳ හේතුවෙන් මෙහෙයුම් කටයුතු අඩපණ වී ඇති බව ගලවා ගැනීමේ කංඩායම් පවසයි.
යාත්‍රා 23 ක් සමග දොඹකර යාත්‍රාවක්ද ගලවා ගැනීමේ මෙහෙයුම් වල යොදවා තිබේ.
ජීවිතය බේරාගත් භාෂාපරිවර්තකයා වන වැන්ග් චින්කායි පැවසුවේ ජපාන ජාතික ඉංජිනේරුවෙකුගේ ජීවිතය බේරා ගැනීම සඳහා එම ඉංජිනේරුවාගේ ශරිරයෙන් අල්වා ගත් නමුත් දියවැල් ස්වභාවය හේතුවෙන් ඔහුව අතහැරුණු බවයි. දෙදෙනෙක් පමණක් නියමු කුටිය තුල සිට ඇත. යාත්‍රාව ගමන්කැර ඇත්තේ එයට ගමන් කිරීමට නියමිතව තිබූ මාර්ගයේ නොවන බව ද මේ වනවිට හෙළි වී ඇත.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වතුරේ හොඳ නරක සොයන්න ගිහින් වතුරේ සැඟවෙති
කුමාර Monday, 19 January 2015 12:33 PM
පනින්න පෙර සිතා බලන්න කියන්නේ මේකට තමයි? (නදී)