බදු වංචා කිරීමේ චෝදනාවකට අසුවූ ප‍්‍රංශයේ හිටපු අය වැය ඇමැති ජේරොම් කැඋෂැක් මහතාට හා ඔහුගේ දික්කාසද බිරිඳට ප‍්‍රංශයේ ඉහළ අධිකරණය සිර දඬුවම් නියම කළේය.
වසර 2012 දෙසැම්බරයේ මීඩියා පාර්ට් නම් ප‍්‍රංශ වෙබ් අඩවිය මගින් එකල සිටි ප‍්‍රංශ අයවැය ඇමැති ජේරොම් කැඋෂැක්ගේ වත්කම් හෙළි කිරීමේ ලියැවිල්ලේ සඳහන් නොමැති විදේශ බැංකු වල ගිණුම් ඇති බව ප‍්‍රථමයෙන් හෙළි කළේය.
මෙම වෙබ් අඩවියේ ප‍්‍රධානියා ප‍්‍රංශයේ මුද්‍රිත ලෙමොන්ඩ් පුවත්පතේ හිටපු ප‍්‍රධාන කර්තෘ එඞ්වි ෆැලැනෙල් නම් ප‍්‍රංශයේ සුප‍්‍රසිද්ධ මාධ්‍යවේදියාය. මෙම හෙළිකිරීම ප‍්‍රංශ දේශපාලන හා මාධ්‍ය ක්‍ෂේත‍්‍රයේ සුළි සුළගක් මෙන් හමා ගියේය.
එබැවින් විවිධ හමුවීම් වලදී ඉහත ඇමැතිට එල්ලවූ චෝදනාව ගැන බොහෝ ප‍්‍රංශ මාධ්‍ය ඔහුගෙන් ප‍්‍රශ්න කළේය. ඒ සෑම අවස්ථාවකම විදේශ ගිනුම් තමන්ට නොමැති බවත් එසේ ඇත්නම් ඔප්පු කර පෙන්වන ලෙසත් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය හරහා ඔහු අභියෝග කළේය.
ස්විට්සර්ලන්තයේ යු එස් බි බැංකුවේ අවුරුදු 20 ක පමණ කාලයක සිට ගිණුම පවත්වාගෙන යන බවත් එම ගිණුමේ යුරෝ ලක්ෂ හතකට ආසන්න මුදලක් (රුපියල් 113700966 ) ඇති බවත් එම මුදල් සමහර අවස්ථාවලදී සිංගප්පුරූවේ මුදල් ආයතන හා හුවමාරුවී ඇති බවත් ඊට පසුදින සාධක සහිතව පළවිය.
ඊට පසුදින මිඩියාපාට් වෙබ් අඩවිය මගින් ඔහු එක් දිනක යම් ස්ථානයක කළ දෙබසක හඬ පටයක් කරලියට ගෙන ආවේය. එම හඬ පටය අනුව ස්විස් බැංකුවක ඔහුට ගිනුමක් ඇති බව ඔහුම කියන්නේය. මෙම අවස්ථාව ප‍්‍රයෝජනයට ගත් ප‍්‍රංශයේ දක්ෂිණාන්ශික විපක්ෂය මේ ගැන පාර්ලිමේන්තුවේදි ප‍්‍රශ්න කළ හෙයින් ප‍්‍රංශ පාර්ලිමේන්තු සභා ගර්භය ඉදිරිපිට ඒ සදහා ඔහුට අනිවාර්යයෙන්ම පිළිතුරු දීමට සිදුවුයේය.
තමන්ට එවැනි විදේශ ගිණුම් නොමැති බව සනාථ කරමින් ඔහුට ඇති චෝදනාව ප‍්‍රතික්ෂේප කර ප‍්‍රංශ පාර්ලිමේන්තුවේ සියලූ දෙනා ඉදිරියේ ප‍්‍රකාශයක් කළේය. ඒ සමග ඹහු ඊට පසුදින වූ දෙසැම්බර් 6 වැනිදා බොරු ප‍්‍රචාරය කරමින් තම කීර්ති නාමයට අපහාස සිදුකළැයි කියමින් ඇමැතිගේ නීතිඥයෝ මගින් මිඩියාපාට් වෙබ් අඩවියට විරුද්ධව අධිකරණයේ පැමිණිල්ලක් ගොනු කළහ. අධි නීතිඥ ජෝන් වෙයි ඇමැති වෙනුවෙන් පෙනී සිටියේය. ජෝන් වෙයි යනු ප‍්‍රංශයේ සුප‍්‍රසිද්ධ නීතිඥවරු පස්දෙනා ගෙන් කෙනෙකි. ඒ සමගම ඔහුට එවැනි ගිණුමක් නොමැති බවට සහතික කරන ලෙස ස්විට්සර්ලන්තයේ යූ එස් බි බැංකුවෙන් ඉල්ලා සිටියද දෙසැම්බර් 19 වැනිදා බැංකුව එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළේය. ඔහුගේ මන්ත‍්‍රී ආසනයේ විරුද්ධ පාක්ෂික මිචෙල් ගොනෙල් ඔහුගේ පැරණි දකුණු පිලේ දේශපාලන මිතුරෙකි. ඉහත සදහන් හඬ පටිය පටිගත කළේ ඔහු බව 2012 දෙසැම්බර් 21 වැනිදා මිචෙල් ගොනෙල් මාධ්‍ය ඉදිරියේ පැවසීය.
මේ අනුව 2013 ජනවාරි 8 වැනිදා ප‍්‍රංශ පොලීසියේ විශේෂ පරීක්ෂණ අංශයකින් මේ ගැන සොයා බැලීමට තීන්දු කළේය. පරීක්ෂණ නිගමනය අනුව මාර්තු 19 වැනිදා හඬ පටයේ ඇති හඬ ඇමතිගේ බව පරීක්ෂණ වාර්තා පැහැදිලි තීන්දුවක් දුන් හෙයින් බදු වංචා කිරීම ප‍්‍රධාන කොට ඒ සමග බද්ධවූ වංචාව , බොරුව ,විශ්වාසය කඩකිරීම යන අනු මාතෘකා එකතුවක චෝදනා පත‍්‍රයක් ඔහුට විරුද්ධව අධිකරණ පරීක්ෂණයක් ඇරඹීමට තීරණය විය. මෙම සියලූ කරුණු හේතු කොට මාර්තු මස 19 වෙනිදා සවස ඇමති තනතුරෙන් ඉල්ලා අස්වී නිහඬව පාර්ලිමේන්තුවෙන් පිට වූයේය.
පසුව ඔහුට විදේශ ගිණුම් ඇති බව පිළිගත් අතර මුලින් බොරු කී බවද පිළිගත්තේය. ඒ අතර පාර්ලිමේන්තුවේ සියලූ දෙනාගෙන්ද සමාව අයැද සිටියේය. මෙම පරිසරය එදා ප‍්‍රංශයේ වර්තමාන පාලක පක්ෂයට එතරම් සුභදායක නොවීය . එබැවින් ඔහු කළ වරදට සමාවක් දිය නොහැකි බවත් එවැනි දේ ඉදිරියට ඇති නොවීමට තමන් වග බලා ගන්නා බවද පවසමින් මහජනතාව ඉදිරියේ රූපවාහිනියෙන් ප‍්‍රකාශයක් කිරීමට ජනාධිපති ප‍්‍රංශුවා ඔලොන්ද්ට සිදු වුයේය. එම සිදුවීම ගැන කනගාටුව ප‍්‍රකාශ කරමින් මුළු ආණ්ඩු පක්ෂයම අපහසුතාවට පත්කළ බවත් ඔහු කර ඇත්තේ සමාව දිය නොහැකි වරදක් බව පාර්ලිමේන්තුවේත් ඉන් පිටතදීත් අගමැති ප‍්‍රකාශ කළේය.
ඉහත බදු වංචා කිරීම ප‍්‍රධාන කොට ඔහුට හා ඔහුගේ බිරිඳ වූ පැට්රීෂියා කැඋෂැක්ට විරුද්ධව අධිකරණය ඉදිරියේ නඩු ගොනු කැරිණි. ඒ වන විට 2013 දී බිරිඳ ඔහුගෙන් දික්කසාද වූයේය. එසේ නමුදු ඔහුගේ දික්කසාද බිරිඳට අයත් හෙළි නොකළ යුරෝ මිලියන දෙකක් සොයා ගැනීමට හැකි වූයෙන් ඇයට විරුද්ධවද ඇමැතිට සමාන්තරව අධිකරණය පරීක්ෂණ ආරම්භ විය. වසර තුනකට ආසන්න දීර්ඝ අධිකරණ ක‍්‍රියාවලියකින් පසු පසුගිය 2016 සැප්තැම්බර් 12 වෙනිදා ඔහු හා ඔහුගේ බිරිඳට එරෙහි අධිකරණ තීන්දුව ප‍්‍රකාශයට පත්කරමින් ඔවුන්ට සිර දඬුවම් නියම විය. කළ වරදට සාපේක්ෂව උපරිමය අවුරුදු හතක සිර දඬුවමකට හිමිකම් ඇතත් ඔහුට අවුරුදු තුනක් හා දික්කසාද බිරිඳට දැඅවුරුදු සිර දඬුවම් නියම විය. එක් අයෙක්ට රුපියල් ලක්ෂ අසූවක පමණ දඩද නියම විය. අනතුරුව හිටපු ඇමති හා බිරිඳ අධිකරණයේ සිට බන්ධනාගාර රථයෙන් සිර මැදිරි බලා පිටත් වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ බදු වංචාකාරයෝ නම් යන්නේ ගෙවන වාට්ටු වලට. ප්‍රංශයේ හිර ගෙදරට. පේනවනේ වෙනස! (නි)
ප්රංශයේ වගේ අපේ අයගේ නඩු ඇහුවොත් මුළු පාර්ලිමේන්තුවම හිර ගෙදර හිටියි. (නි)
ඉස්සරනම් මේවා අපටත් මැජික් වගේ දැන් දැන් අපේ රටෙත් යහපාලනයට පින්සිදා වෙන්න දුෂිතයන්ට දඬුවම් කිරීම යතාර්ථයක් බවට පත් වෙමින් තියෙනවා (ම)
අපේ රටේ නියම හොරු ඇල්ලුවත් පාගමන් යයි ..(බ)
ශ්රී ලංකාවේ කම්බ හොරු ඇල්ලුවෙත් පැරිස් වල ඉන්න සමහරු පෙත්සන් අත්සන් කරයි .නිදහස් කරන්න කියා (හේ)
ඒ අය අපේ රටේ හොරු ඇල්ලුවොත් .පළිගැනීම් කියයි ,(හේ)
ප්රංශ රටේ හොරු හිටියට ශ්‍රී ලංකාවේ හොරු නෑ...(හේ)
කොහොමද ගේම... ගෑනී දික්කසාද වෙලත් පරිප්පු හම්බවෙලා (බ)
ලංකාවේ නම් ඔච්චර දඟලන්න දෙයක් නැහැ. එෆ්සීඅයිඩී එකට ගිහිල්ලා ටික වෙලාවක් ඉඳලා හිනාවෙවී ගෙදර යන්න පුළුවන්. වැඩේ බරපතලම නම් සතියක් දෙකක් රිමාන්ඩ් කරයි. එතකොට හිනාවෙවී, හරි සතුටෙන් මාංචු පෙන්න පෙන්නා ගිහින් බන්ධනාගාර රෝහලේ සැපට ඉඳලා, ඇප පිට එළියට ගිහින් පුරුදු පරිදි ජීවත්වෙන්න පුළුවන් (නි)
හොරු ඇල්ලුවෙත් උසාවී ඉදිරි පිට පිකටිං .(අ)
මිග් ගනුදෙනු හොරකම් පෙන්නන්න ගිහින් මාධ්‍යවේදීන් මරුවා මතකද .???ප්‍රංසයේ එහෙම වුණාට ශ්‍රී ලංකාවේ එහෙම වෙන්නේ නැ. (අ)
බණ්ඩාරට පෙනෙන්නේ නැද්ද? ප්‍රංශයේ දෙන ඒවා කකා බිබී ප්‍රංශයේ සිදුවන ඒවා පෙන්න පෙන්න, ලංකාවේ ඉන්න හොරු අල්ලනවාට විරුද්ධ වෙන්නේ කවුද? (නි)
අනේ ඉතින් අපි පින් කරලා නැහැ අපේ රටේ හොර දේශපාලුවෙක් කූඩුවට දමනවා බලන්න. දෙවියනේ, ඔබ කොහිද...? (නි)
හොඳ වෙලාවට ඕවා ප්‍රංශයේ වෙන්නේ. ඕවා මෙහෙ වුණොත් ඇමතිලා ගෙදර, නීතිය ගෙන ආ නිලධාරීන් ඇතුළේ සිටීවි (නි)
අපි වගේ රට වලට හොඳ ආදර්ශ මේ දේවල්.නමුත් අපි එතරම් වාසනාවන්ත නැහැ මේ වගේ ක්‍රියාදාමයන් ඇති පාලනයක් භුක්ති විදින්න.(හේ)