ටික් ටොක් සමාජ මාධ්‍ය ජාලයේ පළකර තිබූ විඩියෝ ලක්ෂ 490 පසුගිය වසරේ අවසන් මාස 6 තුළ ඉවත් කර තිබේ.
ඒ අනුව ඉවත් කළ වීඩියෝ සංඛ්‍යාව ටික් ටොක් හි සමස්ත වීඩියෝ සංඛ්‍යාවෙන් 1% ටත් වඩා අඩු සංඛ්‍යාවකි.
ජාලයේ ප‍්‍රජා මාර්ගෝපදේශ හා එම සේවාව භාවිත කිරීමේ කොන්දේසි අදාළ වීඩියෝ මගින් උල්ලංඝණය වී ඇති බව හඳුනාගෙන තිබේ.
ඒවා පරිශීලකයින් විසින් වාර්තා කිරීමට පෙර ඉවත් කිරීමට පියවර ගෙන ඇත
ඉන් වැඩිම වීඩියෝ සංඛ්‍යාවක් පළ කර ඇති රට ඉන්දියාව වන අතර එම සංඛ්‍යාව 16,453,360 ක් වේ.
අමෙරිකා එක්සත් ජනපදයෙන් පළකර ඇති වීඩියෝ 45 ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ඉවත් කර ඇත
ඊට අමතරව පාකිස්ථානයෙන් වීඩියෝ ලක්ෂ 37 ක් , බ්‍රිතාන්‍යයෙන් වීඩියෝ ලක්ෂ 20ක් සහ රුසියාවෙන් වීඩියෝ ලක්ෂ 12 ක් ඉවත් කළ බව ටික් ටොක් සමාජ මාධ්‍ය ජාලය පවසයි.
ටික් ටොක් සමාජ මාධ්‍යය අද නිකුත් කළ වාර්තාවකින් මෙම තොරතුරු අනාවරණය කෙරිණි
මේ අතර කුඩා ව්‍යාපාර දැන්වීම් කරුවන් සඳහා නව යෙදුමක් ටික් ටොක් සමාජ ජාලය හඳුන්වා දී ඇති ඇත.
කෙසේ වෙතත් චීනය මූලස්ථානය කරගත් මෙම සමාජ මාධ්‍යයට අභියෝග රැසකට මුහුණ දීමට සිදු වී ඇති අතර ට්‍රම්ප් පාලනය විසින් ටික් ටොක් ජාලයට එරෙහිව තහනමක් පැනවා ඇත.
226
රොයිටර් ඇසුරෙනි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක වහාම තහනම් තහනම් නොකළොත් ලංකාවෙත් අනාගතයේ මේ තරමටවත් ගුණධර්ම පිරි ගැහැණු පිරිමි කියලා ජාති 2ක් බලාගන්න ලැබෙන්නේ නැහැ. සේරම එකම ජාතියක් වෙනවා.