IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


වැඩි බලශක්තිය බෙදාගන්න යයි

දකුණු ආසියා කලාපයේ ඇතැම් රටවල අතිරික්ත විදුලි බල ශක්තිය කලාපයේ බල ශක්තිය ඌණ රටවලට ලබාදීමේ සමත් විදුලි බල පද්ධතියක් ඇති කිරීමට ඉන්දියාවේ අවධානය යොමුව තිබේ.

පසුගියදා නව දිල්ලියේදී පැවැති ‘සාක්’ රටවල බල ශක්ති අමාත්‍යවරුන්ගේ හමුවේදී මේ බව සඳහන් කෙරුණි.

එහිදී අදහස් දැක්වූ ඉන්දියාවේ විදුලි බල හා පුනර්ජනනීය ශක්ති අමාත්‍ය පියුෂ් ගොඑල් පැවසුවේ ශී‍්‍රලංකාවේ වෙරළ බඩ ඉදිකළ හැකි සුළං බලාගාර වලින් පකිස්තානයට හා නේපාලයට විදුලි බලය සැපැයිය හැකි බවයි.

තවද ගිනිකොන දිග ඉන්දියාවේ නිපදවෙන ජල විදුලිය බංගලාදේශය හා පකිස්තානය ඔස්සේ ඇෆ්ගනිස්ථානය වෙත ලබාදිය හැකි පද්දතියක් ඇති කළ හැකි යැයිද ඔහු පැවසීය.

බල ශක්තියෙන්ද සාක් කලාපයේ රටවල් එකමුතුවීම යනු දැනට කලාපයේ රටවල් අතර ඇති සබඳතා තවත් ශක්තිමක් වීම බව ඔහු කීය.

ඉන්දියාවේ සිට ශී‍්‍රලංකාව දක්වා මුහුද යටින් එළෙන අධිබල විදුලි රැුහැනක් සම්බන්ධවද මේ වන විට සැළසුම් සකස් කර ඇත.



අදහස් (0)

වැඩි බලශක්තිය බෙදාගන්න යයි

ගාමිණී සිරිවර්දන Sunday, 19 October 2014 06:00 AM

ශ්‍රී ලංකාවේ වෙරල බඩ සුළං බලාගාර වලින් නිපදවන විදුලිය රටේ අවශ්‍ය තාවයන් මුළුමනින්ම සපුරා අතිරික්තයක් ඇත්නම් නේපාලයට,පකිස්තානයට දීම කමක් නැත. උතුරු ඉන්දියාවේ බොහෝ ප්‍රාන්ත වලට විදුලිය සපයන්නේ දිනකට පැය 4 ක කාලයක්. ඔවුන්ගේ කපටිකම් වලට හසු නොවීමට වග බලා ගතයුතුයි. “(නදී)

:       0       0

ජයත් Monday, 20 October 2014 10:43 AM

ගාමිණී ,සේන මෙතන තියන ඇත්ත ප්‍රශ්නය ඕක නෙමෙයි. එහෙම විදුලිබලය "සම්ප්‍රේෂණය " කරන්න පුළුවන් එක ඒ තරම් වියදම් යන දෙයක් නෙමෙයි. නමුත් මෙයාල අපට දැනට දෙන්න හදන සාම්පුර් බලාගාරය පාවිච්චි කරපු යල් පැනගිය එකක්. අනිත් ප්‍රශ්නේ එයාලගේ ගල් අඟුරු වල කැලරි අගය හුඟක් අඩුයි. (4500 යි නමුත් ඔස්ට්‍රේලියාව වගේ රටවල ගල් අඟුරු වල ඒක 6500 ක් .(මෙතන මම ඒකක දැම්මේ නැහැ අපහසු නිසා ) අනික ඒ ගල් අඟුරුවල පරිසර දූෂණයත් ඉතා ඉහලයි. ඉතින් අපට බාල දේවල් ගන්න වෙනවා සල්ලිත් දීලා ඕක ලොකු ප්‍රශ්නයක්. (නදී)

:       0       0

තිළිණ Sunday, 19 October 2014 05:50 PM

සියල්ලටම පෙර අපේ රටේ විදුලිබල ප්‍රශ්නය විසඳාගෙන ඉන්න වෙයි (නි)

:       0       0

සේන Sunday, 19 October 2014 09:47 AM

මෙතන තියෙන්නේ දේශපාලන අරමුණක් සුලන් විදුලි බලාගාර මුවාවෙන් අපේ දැනට තරමක් හරි දුරට රැකිලා තියෙන බල ශක්ති ස්වාදීනත්වය ඉන්දියාවට පවරා ගන්න. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 405 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2184 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1654 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site