දකුණු ආසියා කලාපයේ ඇතැම් රටවල අතිරික්ත විදුලි බල ශක්තිය කලාපයේ බල ශක්තිය ඌණ රටවලට ලබාදීමේ සමත් විදුලි බල පද්ධතියක් ඇති කිරීමට ඉන්දියාවේ අවධානය යොමුව තිබේ.
පසුගියදා නව දිල්ලියේදී පැවැති ‘සාක්’ රටවල බල ශක්ති අමාත්‍යවරුන්ගේ හමුවේදී මේ බව සඳහන් කෙරුණි.
එහිදී අදහස් දැක්වූ ඉන්දියාවේ විදුලි බල හා පුනර්ජනනීය ශක්ති අමාත්‍ය පියුෂ් ගොඑල් පැවසුවේ ශී‍්‍රලංකාවේ වෙරළ බඩ ඉදිකළ හැකි සුළං බලාගාර වලින් පකිස්තානයට හා නේපාලයට විදුලි බලය සැපැයිය හැකි බවයි.
තවද ගිනිකොන දිග ඉන්දියාවේ නිපදවෙන ජල විදුලිය බංගලාදේශය හා පකිස්තානය ඔස්සේ ඇෆ්ගනිස්ථානය වෙත ලබාදිය හැකි පද්දතියක් ඇති කළ හැකි යැයිද ඔහු පැවසීය.
බල ශක්තියෙන්ද සාක් කලාපයේ රටවල් එකමුතුවීම යනු දැනට කලාපයේ රටවල් අතර ඇති සබඳතා තවත් ශක්තිමක් වීම බව ඔහු කීය.
ඉන්දියාවේ සිට ශී‍්‍රලංකාව දක්වා මුහුද යටින් එළෙන අධිබල විදුලි රැුහැනක් සම්බන්ධවද මේ වන විට සැළසුම් සකස් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකාවේ වෙරල බඩ සුළං බලාගාර වලින් නිපදවන විදුලිය රටේ අවශ්‍ය තාවයන් මුළුමනින්ම සපුරා අතිරික්තයක් ඇත්නම් නේපාලයට,පකිස්තානයට දීම කමක් නැත. උතුරු ඉන්දියාවේ බොහෝ ප්‍රාන්ත වලට විදුලිය සපයන්නේ දිනකට පැය 4 ක කාලයක්. ඔවුන්ගේ කපටිකම් වලට හසු නොවීමට වග බලා ගතයුතුයි. “(නදී)
ගාමිණී ,සේන මෙතන තියන ඇත්ත ප්‍රශ්නය ඕක නෙමෙයි. එහෙම විදුලිබලය "සම්ප්‍රේෂණය " කරන්න පුළුවන් එක ඒ තරම් වියදම් යන දෙයක් නෙමෙයි. නමුත් මෙයාල අපට දැනට දෙන්න හදන සාම්පුර් බලාගාරය පාවිච්චි කරපු යල් පැනගිය එකක්. අනිත් ප්‍රශ්නේ එයාලගේ ගල් අඟුරු වල කැලරි අගය හුඟක් අඩුයි. (4500 යි නමුත් ඔස්ට්‍රේලියාව වගේ රටවල ගල් අඟුරු වල ඒක 6500 ක් .(මෙතන මම ඒකක දැම්මේ නැහැ අපහසු නිසා ) අනික ඒ ගල් අඟුරුවල පරිසර දූෂණයත් ඉතා ඉහලයි. ඉතින් අපට බාල දේවල් ගන්න වෙනවා සල්ලිත් දීලා ඕක ලොකු ප්‍රශ්නයක්. (නදී)
සියල්ලටම පෙර අපේ රටේ විදුලිබල ප්‍රශ්නය විසඳාගෙන ඉන්න වෙයි (නි)
මෙතන තියෙන්නේ දේශපාලන අරමුණක් සුලන් විදුලි බලාගාර මුවාවෙන් අපේ දැනට තරමක් හරි දුරට රැකිලා තියෙන බල ශක්ති ස්වාදීනත්වය ඉන්දියාවට පවරා ගන්න. (නදී)