වෛද්‍ය විද්‍යාව සඳහාවන නොබෙල් ත්‍යාගය මෙවර වටපනු පරපෝෂිත ආබාධයක් හා මැලේරියා රෝගය මර්දනය කිරීමේ කර්තව්‍යයට උරදුන් පර්යේෂකයන් පිරිසකට හිමිවී ඇත.

වටපනු පරපෝෂිතයා විසින් ඇතිකරන ආබාධ තත්ත්වයක් වැළැක්වීමේ නව ඖෂධය සොයාගත් විලියම් සී. කෑම්ප්බෙල් සහ සතොෂි ඔමුරා යන දෙදෙනා නොබෙල් ත්‍යාගයට සුදුසුකම් ලැබූහ.

මැලේරියා රෝගය මර්ධනය කිරීමට ප්‍රතිකාරයක් හඳුන්වාදුන් යුයූ ටූ මහත්මිය නොබෙල් ත්‍යාගයට හිමිකම් කියන අනෙක් තැනැත්තියයි.

නොබෙල් කමිටුව ප්‍රකාශ කර ඇත්තේ මෙකී රෝග වලින් පීඩාවිදි දසලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ ජීවිතවල වෙනසක් ඇති කිරීමට මෙම සොයා ගැනීම් මහෝපකාරි වි ඇති බවයි.

මදුරුවන්ගෙන් බෝවෙන රෝගයක් වන මැලේරියාව හේතුවෙන් ලෝකය පුරා වසරකට මිනිසුන් 450,000 ක් පමණ මියයන අතර තවත් බිලියන ගණනාවකට මෙම රෝගය ආසාදනයට ලක්වෙති.

මෑතකදී බීජින් වෛද්‍ය විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබාගත් චීන ජාතික මහාචාර්ය යුයු ටූ මහත්මිය සොයාගත් ආර්ටෙමිසිනින් නැමැති ඖෂධය මැලේරියා පරිපෝෂිතයා මර්දනය විශාල පිටිවහලක් වී ඇත

එමගින් වසරකට අප්‍රිකාවේ පමණක් ජීවිත 100,000 ක් පමණ ආරක්ෂාවන බව සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි. ඇය වෛද්‍ය විද්‍යාව සම්බන්ධ නොබෙල් ත්‍යාගය දිනු 13 වැනි කාන්තාවයි.

නොබෙල් ත්‍යාගය හිමිවූ අනෙක් විද්‍යාඥයින් දෙදෙනා වන්නේ ජපාන ක්ෂුද්‍ර ජීව විද්‍යාඥයකුවූ සටොෂි ඔමුරා සහ අයර්ලන්තයේ උපත ලබා දැනට ඇමරිකාවේ සේවය කරණ විලියම් සි. කැම්බේල් ය. මෙම දෙදෙනා දැනට ලෝකයෙන් තුරන් කිරීමේ අවසන් අදියරේ පවතින වටපනු රෝගයන් ඇතිවන අන්ධභාවය සහ වසා වාහිනි බරවා යන රෝග  මර්ධනයට අයිවර්මෙක්ටින් නැමැති ඖෂධය සොයා ගැනීමට සමත්වූහ. ලොව දිළිඳු රටවල ජනතාව මේ රෝගවලින් වැඩිම පීඩාවට පත්වෙති.

Nobel prize 1 Nobel prize 2 Nobel prize 3