තායිලන්තේ ප‍්‍රකට වට් පා ලූඅන්ග් ටා බුආ නැතහොත් ව්‍යාඝ‍්‍ර ආශ‍්‍රමයේ විසූ හිමිනමක එම ආශ‍්‍රමයේ සිටි ව්‍යාඝ‍්‍රයෙකුගේ පහර කෑමට ලක්ව රෝහල් ගතකර ඇතැයි වාර්තා වේ.

ආශ‍්‍රමය අවට ව්‍යාඝ‍්‍රයින් 150 දෙනෙකු පමණ ගැවසෙන අතර එය ව්‍යාඝ‍්‍ර ආශ‍්‍රමය ලෙස හැදින්වීමට හේතුවද එයයි.

පහරකෑමට ලක්ව තිබෙන හිමිනමගේ මුහුණ ව්‍යාඝ‍්‍රයාගේ නියපදුරකට හසුව ඉරී ගොස් තිබෙන බව සදහන්වේ.බිම පතිත වීම නිසා එම හිමිනමගේ අතක් බිදී ගොස්ද ඇත.

රෝහල් ආරංචි මාර්ග වලට අනුව මෙය හදිසි අනතුරක් මිස ව්‍යාඝ‍්‍රයා එල්ල කළ ප‍්‍රහාරයක් නොවේ.හිමිනමට ප‍්‍රතිකාර කරන වෛද්‍යවරයා මාධ්‍ය වෙත පවසා ඇති පරිදි මෙය සිදුව ඇත්තේ ව්‍යාඝ‍්‍රයාගේ නියපදුරක් නොසිතූ මොහොතක හිමිනමගේ මුහුුණේ පැටලීමෙනි.

ව්‍යාඝ‍්‍ර ආශ‍්‍රමය තායිලන්තයේ ඉහළම සංචාරක ආකර්ෂණයක් දිනාගැනීමට සමත්ව ඇති ස්ථානයක් වන අතර ව්‍යාඝ‍්‍රයින් සමග සුරතල් වන හිමිවරුන් දැකීමට,ව්‍යාඝ‍්‍රයෙකු හා එකට හිද ඡුායාරූපයකට පෙනී සිටීමට සංචාරකයින් මෙහි ඇදී එන්නේ දහස්ගණනින්ය.

කොයිමොහොතේ හෝ අනතුරක් සිදුවීමේ ඉඩ ඇති නිසා සතුන් හා ගැවසීම අඩු කරන්නැයි තායිලන්ත වනජීවී බළධාරීන් මෙහි වෙසෙන හිමිවරුන්ට දැනුම්දී ඇතත් ඔවුන් එම උපදෙස් පිළිපදින අයුරක් පෙනෙන්නට නැත.

29118D5B00000578-0-image-a-23_1432587905670[1] 29118D5300000578-0-image-a-27_1432587932900[1] 29118D5700000578-0-image-m-32_1432588242689[1]