තායිලන්තේ ප‍්‍රකට වට් පා ලූඅන්ග් ටා බුආ නැතහොත් ව්‍යාඝ‍්‍ර ආශ‍්‍රමයේ විසූ හිමිනමක එම ආශ‍්‍රමයේ සිටි ව්‍යාඝ‍්‍රයෙකුගේ පහර කෑමට ලක්ව රෝහල් ගතකර ඇතැයි වාර්තා වේ.
ආශ‍්‍රමය අවට ව්‍යාඝ‍්‍රයින් 150 දෙනෙකු පමණ ගැවසෙන අතර එය ව්‍යාඝ‍්‍ර ආශ‍්‍රමය ලෙස හැදින්වීමට හේතුවද එයයි.
පහරකෑමට ලක්ව තිබෙන හිමිනමගේ මුහුණ ව්‍යාඝ‍්‍රයාගේ නියපදුරකට හසුව ඉරී ගොස් තිබෙන බව සදහන්වේ.බිම පතිත වීම නිසා එම හිමිනමගේ අතක් බිදී ගොස්ද ඇත.
රෝහල් ආරංචි මාර්ග වලට අනුව මෙය හදිසි අනතුරක් මිස ව්‍යාඝ‍්‍රයා එල්ල කළ ප‍්‍රහාරයක් නොවේ.හිමිනමට ප‍්‍රතිකාර කරන වෛද්‍යවරයා මාධ්‍ය වෙත පවසා ඇති පරිදි මෙය සිදුව ඇත්තේ ව්‍යාඝ‍්‍රයාගේ නියපදුරක් නොසිතූ මොහොතක හිමිනමගේ මුහුුණේ පැටලීමෙනි.
ව්‍යාඝ‍්‍ර ආශ‍්‍රමය තායිලන්තයේ ඉහළම සංචාරක ආකර්ෂණයක් දිනාගැනීමට සමත්ව ඇති ස්ථානයක් වන අතර ව්‍යාඝ‍්‍රයින් සමග සුරතල් වන හිමිවරුන් දැකීමට,ව්‍යාඝ‍්‍රයෙකු හා එකට හිද ඡුායාරූපයකට පෙනී සිටීමට සංචාරකයින් මෙහි ඇදී එන්නේ දහස්ගණනින්ය.
කොයිමොහොතේ හෝ අනතුරක් සිදුවීමේ ඉඩ ඇති නිසා සතුන් හා ගැවසීම අඩු කරන්නැයි තායිලන්ත වනජීවී බළධාරීන් මෙහි වෙසෙන හිමිවරුන්ට දැනුම්දී ඇතත් ඔවුන් එම උපදෙස් පිළිපදින අයුරක් පෙනෙන්නට නැත.
2025 නොවැම්බර් මස 04
465
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2215
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1667
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වග අසපුවේ හිමිට ව්‍යාඝ්‍ර ප්‍රහාරයක්
නිහාල් Wednesday, 27 May 2015 08:45 PM
හොදින් වැඩුණු මේ කොටියෙක් කිලෝ 300 ක් බරයි.සිංහයාට මෙම කොටියා සටන් කර ජය ගත නොහැකිය (නදී)
සමන් Tuesday, 26 May 2015 09:51 AM
තිරිසන්නු තේරුම් ගන්න පුලුවන්ද මිනිස්සු තේරුම් ගන්නත් බැරි කොට (ම)
බටු ගෙදර Tuesday, 26 May 2015 10:24 AM
තිරිසන් ගතිගුණය කාටවත් වෙනස් කරන්න බැහැ ඉතුරු කට්ටියත් පරිස්සමෙන් (බ)
පිටබැද්දර ජයා Tuesday, 26 May 2015 12:42 PM
අද මිනිස් සමාජය දිහා බැලුවහම මේ වනසතුන් ඇත්තටම හොඳයි නේද? (නි)
නදුන් Wednesday, 27 May 2015 12:24 PM
හිමිවරුන්ට සතුන් සමඟ මෙසේ සුරතල් වෙන්න කියලා නම් ධර්මයේ නැහැ. සතුන් සමඟ බැඳීම් ඇති කරගෙන කෙසේ නම් නිවන් මඟෙහි යන්නද? (නි)
බටු ගෙදර Wednesday, 27 May 2015 01:22 PM
තිරිසන්නු ජප කරන මන්තර කාළඟවත් නැහැ මේවා අවදානම් වැඩ (අ)
ජයරත්න Tuesday, 26 May 2015 08:56 PM
මිනිහා තිරිසනාට වඩා දරුණුයි. නිකරුනේ සත්තු මරන්නේ මිනිහා. සත්තු කවදාවත් නිකරුනේ තවත් සතෙක් මරන්නේ නැහැ (නි)